ආරක්‍ෂාවට යයි කියා දේවානි ජයතිලක ස්ථානමාරු නොකරන්නැයි ඉල්ලයි…

February 15, 2020 at 8:40 am | lanka C news

ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගියදා මීගමුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කතාබහට ලක් වු වනජීවි නිලධාරිනි දේවානි ජයතිලක  මහත්මිය ගැන සමස්ථ රටේම අවධානය යොමුව ඇත. ඒ මොහොතේ ධීවර ප්‍රජාව නියෝජනය කරමින් පැමිනි නියෝජිතයාගේත් අමාත්‍යවරයකුගේත් අදහස් දැක්වීම් පිලිබදව සමාජය තුළ විශාල විරෝධයක් හටගෙන ඇත.

ගතවු කාලයේදී සංවර්ධනයේ නාමයෙන් ලොව පුරා සිදුවු පාරිසරික විනාශයන් වල අනිටු ප්‍රතිපල ලෙස ඊට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් පවා විදිමින් සිටියි. ලෝකය පුරාම නව පරම්පරාව පරිසරයට සංවේදී විම දැකිය හැකි වු අතර පසුගිය වර්ෂ කිහිපය පුරා අපේ රටේ ස්වේච්ඡා පරිසර සංවිධාන තමග තරුණ පිරිස් විශාල සේවාවක් කලහ. නගරවල පෝස්ටර් ඉවත් කිරිම, පැල සිටුවීම, කඩොලාන වගාව ඒ අතර විය. එවන් වටපිටාවක මෙම නිළධාරිනියගේ භාවිතාව රටට පමණක් නොව නොදියුනු දේශපාලන භාවිතාවක් සහ රාජ්‍ය සේවයක් ඇති ඕනෑම රටකට ආදර්ශයකි.

මෙම සිදුවීම සම්බන්දයෙන් ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේත් මතය දේවානි ජයතිලක රාජ්‍ය නිළධාරිනිය ඇගයීම බව පැවසුවත් රාජ්‍ය නායකයාගේත් එම දේශපාලන පක්ෂ නායක අග්‍රාමාත්‍යවරයාගේත් උපදෙස් නොපිලිපදිමින් අදාල අමාත්‍යවරයා ඊට පසුවත් මේ ව්‍යාපෘතිය කෙසේ හෝ කරන බවට  ප්‍රකාශ නිකුත් කිරීම අප තරයේ හෙලා දකිමු. එමෙන්ම ඊට පසුව අදාල රැස්විමේ ද සිටි මීගමුව ප්‍රදේශයේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු  හා හිටපු අමාත්‍යවරයකු වන  මීගමුව බල ප්‍රෙද්ශයේ රාජ්‍ය බලය හොබවන දේශපාලන පක්ෂයේ ආසන සංවිධායක සරත්කුමාර ගුණරත්න යන අයගේ අදාල නිළධාරිනියට එරෙහි ප්‍රකාශ ද අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

ක්‍රි.පු. 03 වන සියවසේදී මෙරට පාලකයා වු දේවානම්පියතිස්ස මහරජුට මිහිදු මහරහතන් වහන්සේ දේශණා කලේ මහරජ ඔබ මේ භුමියේ භාරකරුවා මිස අයිතිකරුවා නොවන බවයි. මේ මහජන නියෝජිතයින් එය තේරුම්ගත යුතුව ඇත. ඔවුන්ට මහජනතාව බලපත්‍ර ලබාදෙන්නේ වසර පහක් වැනි කෙටි කාලයකට පමණි. එහෙත් මේ පාරිසරික පද්ධති විනාශ කිරීම සියවස් ගනනක ඉතිහාසයත් සියවස් ගනනක අනාගතයත් යන දෙකම විනාශ කිරිමක් බව ඔවුන් වටහාගත යුතුය.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ගරු ජනාධිපතිතුමන් විසින් උද්ධෘත ව්‍යාපෘතිය තහනම් කිරීමටත්, මිලියන 700 ක පමණ මහජන මුදල ඵලදායි වෙනත් යෝජනාවක් ක්‍රියාත්මක කරවීමටත් යොදවනු ඇතැයි අප විශ්වාස කරමු. එම රාජ්‍ය නිළධාරිනිය සමස්ථ රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් සපයන නිසාත්, විනිසුරු අඹේපිටිය වැනි කිර්තිමත් විනිසුරුවරුන්ට අකුරට රාජකාරි කිරිමෙන් පසු අත්වු ඉරණම මේ රටේ ජනතාව දැක ඇති නිසාත් එම නිළධාරිනිය ගේ ආරක්ෂාව සහ උන්නතිය පිනිස වෙනත් දිසාවකට ස්ථාන මාරු  කිරීමටත් කටයුතු කරනු ඇතැයි සිතමු.  එතෙක් අප මේ පිලිබදව උනන්දුවෙන් පසුවෙමු.

කෙසේ නමුත් එම නිළධාරිනියගේ ආරක්ෂාවට බව කියමින් ඇය ස්තානමාරු කර වෙනත් නිළධාරියකු ලවා මෙම විනාශකාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරනු ඇතැයි අප විශ්වාස කරන අතර ඒ පිලිබද විමසිලිමත් වෙමු.

මීට සියවස් කිහිපයකට පෙර අමෙරිකාව අත්පත් කරගත් සුදු ආන්ඩුකාර වෙත එහි ජීවත්වු සාම්ප්‍රදායික රතු ඉන්දියානු නායක සියැට්ල් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය කෙරෙහි ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුකරමු. එදා සුදු පාලකයන් රතු ඉන්දියානුවන් මරා දමා ඒ භුමිය අත්පත් කරගත්තද සියවස් 03 ක් යාමට මත්තෙන් ඒ ග්‍රෝත්‍රිකයැයි සැලකු නායකයා කී දෑ දොහොත් මුදුනින් පිලිගන්නට සිදුවිය. එයින් සියවස් ගනනකට පසුවත් වීරයා බවට පත්වුයේ පරිසරකාමි ග්‍රෝත්‍රික රතුඉන්දියානු නායක සියැට්ල් මිස  එම සුදු ආන්ඩුකාරයා නොවන බව සිහිපත් කරමු.

පරිසරය රකින්නා පරිසරයෙන් රැකෙනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන අතර කැබිනට් මන්ඩල ප්‍රධානියා ලෙස සංවර්ධනය හා නොගැටෙන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරිමට පියවරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දර්ශන තන්ත්‍රීගේ
විධායක අධ්‍යක්ෂ,
ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය

32,205 Viewers

9 Comments to “ආරක්‍ෂාවට යයි කියා දේවානි ජයතිලක ස්ථානමාරු නොකරන්නැයි ඉල්ලයි…”

  1. kamal says:

    ප්‍රතිශක්ති කරණය හා කෘරතාවය
    බටහිර වෛද්‍යවිදයාවේ තියෙන්නෙ කෘරතාවයයි නැත්තම් ආත්ම දෘෂ්ටියයි. සිංහල බෙහෙතෙ තියෙන්නෙ ප්‍රතිශක්තිකරණයයි නැත්තම් කෘරතාවය අඩු කර අහිංසකකම වැඩිකිරිමයි. මෙයට වෛද්‍යචාර්ය කමල්

  2. Manel says:

    National policy Centre, Do not try to make this an opportunity for you to get more Dollars from donors. Leave it alone. We the common man are with this lady Devika. We admire her curage to stand up against a state minister. President and the government has agreed with her. Yes, I too disagree with Sanath who made silly comments afterwards and Gunaratne’s advise to her. These are the silly people who do not have guts to learn from mistake.

  3. Kalana says:

    Ee kiyanne maaru karanna hadala thiyenne

  4. කිරිමෙල් says:

    විශිෂ්ට ලිපියක්!

  5. sw says:

    පහුගිය යහපාලන කාලේ බුදියගෙන හිටපු උන් නැගිට්ටපු දේවානි

  6. Anura says:

    This is the dilemma of working in a Government regulatory authority. The government makes the laws to protect general public and recruit officers to enforce these laws. Later they stand with the general public and blame the officers for keeping the law and order.
    The officers in such authorities are not appreciated by government or the general public. They have to work at pressure from both sides.
    This is one such incident where the bubble being burst due to excessive pressure from both sides. This is common for officers working in Central Environment Authority, Wildlife Department , Forest Department and many other protection authorities.

    • Retired Forester says:

      Being experienced such pressure during my work I really appreciate the stance taken by one of fellow officer Devani not to given to the pressure by the minister. I hope higher authorities take into account this and scrap this project. It seems that this project has been initiated by the former minister from Negombo for the benefit for him and his supporters. I think major portion of the fishing community also oppose this destructive and unwanted project.

  7. David Milli-banda says:

    If Devani Jayatilleke is to be transfered on protection grounds, she must be given a higher or a more responsible position with more recognition.
    Make use of her ability.

    Devani is the way for a better Government Service.

    If Devani or any of her family members are harmed or humiliated or insulted, the Minister should beresponsible and hung by his testicles.

  8. Ferna says:

    What a drama…let her do her job and let’s ministry do his .what is the problem. Here all people talks about her value. But for me it’s really bad example for others. Specifically her voice and behaviour it’s not acceptable at all. She is not good negotiater and problem solver. She should not gain anything because of bad behaviour. Simply “attitude show your character”

Leave a Comment

Main News