ආරක්‍ෂාව ගැන ගෝටාගෙන් ඉගෙනගන්න.. බුද්ධි අංශ මෙහෙයවන හැටි ඔහුගෙන් දැනගන්න..- රොබර්ට් ඕ බ්ලේක් ඇමරිකානු ප‍්‍රබලයා කියයි..

May 8, 2019 at 10:07 pm | lanka C news
ආරක්‍ෂාව ගැන ගෝටාගෙන් ඉගෙනගන්න.. බුද්ධි අංශ මෙහෙයවන හැටි ඔහුගෙන් දැනගන්න..- රොබර්ට්  ඕ බ්ලේක් ඇමරිකානු ප‍්‍රබලයා කියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

එහිදි ඒ මහතා පැවසුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 සිදු වු ප්‍රහාරයෙන් අමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාගන්නට හැකි බවය.

එමෙන්ම එම ප්‍රහාරය තම රටේ සිදුවු විශාලතම අත්වැරැද්ද බවද ඔහු පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු රොබට් ඕ බ්ලේක් මහතා

“එහිදි බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂයෙන් FBI සහ CIA සංවිධානය සහ විවිධ නීති ක්‍රියාත්මක කරවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත්වුණා.

එබැවින් අන්තර් ආයතන සන්නිවේදනය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපති බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා.

එමෙන්ම එක් එක් පුද්ගලයාට තනි තනිව මෙහිදි වගකීම් පැවරීම සිදුකෙරුණා. මේ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නැහැ.

අපිට දේශිය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්. අයි.එස්.අයි.එස් සහ අල් – කයිඩා වැනි සංවිධාන පැරිසිය සහ වෙනත් තැන්වලදි ප්‍රහාර දියත් කළත් අපට ප්‍රහාර එල්ල කිරිමට අපොහොසත් වුණා.

ඇත්තටම මම හිතන්නේ මෙවැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සෑදිම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකියි. සැබැවින්ම අතීතය ගැන කතා කළොත් මෙවැනි කණ්ඩායමක් ඔබ සතුව සිටියා යුද්ධය පැවැති සමයේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ.

ඔහු පෞද්ගලිකව එය හෙඹවු අතර රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ පිරිස් දක්වා ලබාදෙනු ලැබුවා.

ඔවුන් එහිදි එම තොරතුරු විශේෂ අධ්‍යනයකට ලක්කෙරු අතර ඒ තුළින් ප්‍රහාරයන් එල්ල නොවිමට වගබලා ගනු ලැබුවා.

මම හිතන්නේ වත්මන් ආණ්ඩුව ඒ අයුරින් සිතන හා ක්‍රියාත්මකවන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරිමට වගබලා ගැනීම වැදගත් කාරණයක් වනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව වඩාත් සැලකිළිමත් විය යුතු වනවා අයි.එස්.අයි.එස් හ වෙනත් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමට. ”

– adaderana

60 views

20 Comments to “ආරක්‍ෂාව ගැන ගෝටාගෙන් ඉගෙනගන්න.. බුද්ධි අංශ මෙහෙයවන හැටි ඔහුගෙන් දැනගන්න..- රොබර්ට් ඕ බ්ලේක් ඇමරිකානු ප‍්‍රබලයා කියයි..”

  1. Dr Gunaratne says:

    CIA 🙂

    • Sunil says:

      Every one knows it except few idiots who think their party above the country and this country is run by idiots and can not take care of our security

      • Polo says:

        And he is the next president of Sri Lanka according to Sri Lankan peoples choice. Only he can restore the security.

        • sathya says:

          This man is a Murderer. Anti-socialist. How can he rule the country?
          He has no chance.

  2. හරක් වෙදා says:

    දී කිරට බළල්ලුත් සාක්කි !!!!
    බළලා මල්ලෙන් එලියට පනී !!!!

    • බලු වෙදා says:

      ඇමරිකන්කාරයා කියන්නේ ගෝඨා සුපිරි බඩුවක්,ඔන්න අපි එයාට චන්දෙට එන්න තිබුන බාදාවත් ඉවත් කලා,එයාට මාර්කටිං පාරක් දාගන්න අවශ්‍ය වටපිටාවකුත් හදලා දුන්නා කියලා.
      දී කිරට බළල්ලුත් සාක්කි !!!!
      බළලා මල්ලෙන් එලියට පනී !!!!

  3. අනාගත නායකයා ඇමරිකාවත් තේරුම් අරගෙන වගෙයි. දැන් බැලින්නම් ගෝඨ-භය යහපාලන නඩයට විතරයි.

    • Sunil says:

      ඇයි ජනතා විකෘති පෙරමුණ වගේ මාක්ස්වාදී පිස්සො…

    • දේවක says:

      මෙයත් රනිල් වගේම ඇමරිකන් රූකඩයක්

  4. Nidan Hora says:

    Gota speaks very little as he is a action man. Country deserves people like Gota to govern.

  5. KP says:

    ගෝඨා හොඳ වෙන්න මූ කියන්න ඕන නෑ…. දැං මූ හොඳයි කියනකොට මහ ලොකුවට ඒක දානවානං මුගේ ඒ කටින්ම මානව හිමිකම් කැඩුවයි යුධ අපරාද කරයි කියන කොට ඒකත් පිලිගන්න වෙනවා…. අපි කැමති දේ කියනකොට උගේ කතාව පිලිගන්නයි, අපි කැමති නැති දේ කියනකොට ඌ පිස්සෙක් දුෂ්ටයෙක් කියන්නයි දෙකක් බෑ නෙ!

  6. Sun says:

    Americans are looking for holes to get in if not they create a situation thinking of selling their arms by creating problems within communities. Our primary school qualified politicians are two old for the job. Some have to come forward to run the country with wisdom. Ours is mainly based on buddisht thinking. Arab nations are coming through holes as traders and try to peach nonsense. They are very low in critical thinking making money though business. Their goal is to transfer the country to muslim state through the wicked thinking.So the time to thinkers to come forward. Otherwise diminishing time is not very far.

  7. බන්ඩාර says:

    රාජිතයෝ නිකන් උඩු බුරන්නැතිව අර ඇමරිකන් කාරයා කිවුව දේ හිතට ගනින්..එඅනුව කටයුතු කරපන්.

  8. Sun says:

    All are western made problems and normal people cannot see. We are entangled in the net of fighting due to that. Muslim traders are so tricky and looking for ways to establish muslim thinking using Arab oil money. We are trapped in this net and looking for ways come out. Old politicians with primary education cannot see the problem and just talk. Thinkers know what is happening and running away from the society. This is the time to some one to come out to guide the nation . Otherwise, we can the time of diminishing nation is not far away. My friends use your heads brains not your mouths to face this agony.

  9. Open mind says:

    හැම එකටම අධිරාජ්‍යවාදී කුමන්ත්රණ යැයි කියන එකා මේකටමොනවා කියයිද දන්නෙ නැහැ.

  10. මොහු දැනට තනතුරක් හොබවන්නෙකු නොවේ. එවිට කවුරුත් ඉතාම ගුණයහපත්.වැදගත් මහත්වරුය.
    නමුත් දේශප්‍රේමීන් සියල්ල එරට ” බලධාරීන් ” ගැන නිරතුරු විමසිල්ලෙන්, ආරක්ෂාකාරීව සිටිය යුතු බව ඔවුන් ලොව පුරාම
    ඇතිතරම් පෙන්වාදී ඇත.
    දේශප්‍රේමී නායකත්වය ඇතුළු ජන කැලට ජයම වේවා!