ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ..- මහින්ද

May 25, 2019 at 6:29 am | lanka C news
ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ..- මහින්ද

රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලුම්මාවතේ පැවැති පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.

පාස්කු දිනයේ සිදුවූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඇති ජන හඩට සවන් දි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයිද කී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කලේය.

පාසලක් අසලින් අත් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර දැන් ”ආයෙමත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියනදේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවම ආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්න අවශ්‍යයි” යැයිද ඒ මහතා සදහන් කලේය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

14 views

6 Comments to “ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ..- මහින්ද”

  1. හැකහැක says:

    පුහුල්හොරා කරෙන් දැනේ…

    • ජැම්මෝ says:

      අන්න දිවයින පත්‍රයේ ඊයේ තිබුණු හෙඩ්ලයින් නිව්ස් එක අද නිවැරදි බව ඔප්පුවෙලා තිබෙනවා .
      අන්තවාදී දොස්තරයෙක් සිසේරියන් සැත්කම් 8000 කල බව පිළිගෙන තිබෙනවා පවු මිනිහා ආරක්ෂාව ඉල්ලලා මේ ජාතිවාදී සිංහලයෝ මිනිහට සිසේරියන් කරන්න දීලා දැන් ගහන්න එනවා .
      ජාතියක් ජෙනොසයිඩ් කිරීමට විරුද්දවෙමු සහජීවනයට ප්‍රථම මේ අන්තවාදී ප්‍රභවය විනාශ කරනු
      අරාබි පාසල් වසා දමනු මුළු රටටම එකම නීතියක් ගෙන එනු .
      බොරු සහජීවනය කතා කරන දේශපාලුවන් පිටුදකිමු

      • ප්‍රගති says:

        සිසේරියන් සැත්කම හා වඳ සැත්කම(LRT) එකක් නොව දෙකකි.
        LTTE එක පරද්දන්න බෑ කිය කියා හිටිය දිවයින පත්තරේේ ගැන අපි හොදට දන්නවා.ඒක පටන් ගත්තේ ලංකාවේ “ඇත්ත” පත්තරේට විරැද්ධව බටහිර වුවමනාවට.ලංකාවට බටහිර හමුදාවක් බස්සන්න දිවයින ජයට වැඩ.

  2. MJ says:

    Bomba genalla daala aththe deshapaluwo. Unta oone aarakshaka ansha gena minisunge pehedeema adu karanna.

  3. Buruputha says:

    Police Aya Pasal asala mura karanavanam bomba genath pasal asala danne kohomada?
    Mage danume hatiyata meva salasum sahagathava karanne aanduvenmai.1983 kala vage. Me kalakanni aanduwa karanne ahasa polova nuhulana aparadha. Vadikal nogos mevata deva sapa labenavamai.

  4. සුමිත්‍ර says:

    සිංහලයා ජෙනොසයිඩ් කිරීමට විරුද්දව නැගී සිටිමු .
    අපේ ජනගහනය අවම කිරීම සහ උපදින්නට ඉන්නා දරුවන් විනාශ කිරීමට ඉඩදුන් අපරාධ කාරයන්ට දඩුවම් කරනු .සිංහලයා මේ රටට විසේෂිතයි එසේ නොවන බව කියන ඇමති තක්කඩි එලව දමමු
    සිංහලයාගේ පැවැත්ම මේ රටේ තහවුරු කරන පක්ෂයකට පමණක් චන්දය දෙමු
    ජාතිවාදී සිංහලයාද ?

Main News