ආරක්‍සක ලේකම් ධුරයෙන් ඉවතට..? ජනපතිට සමීප අයෙක් පත් කරන්න යයි..

September 24, 2018 at 3:50 pm | lanka C news
ආරක්‍සක ලේකම් ධුරයෙන් ඉවතට..? ජනපතිට සමීප අයෙක් පත් කරන්න යයි..

වත්මන් ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා එම ධුරයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාගේ සූදානම් ඇති බවට වාර්තා පල වෙයි.

මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන ඇත්තේ රටේ ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවත් සදහන්ය.

මේ සමගම ආරක්‍සාව සම්බන්ධ තවත් ධුරයන් කිහිපයක් වෙනස් කරනු ඇති බවද පැවසෙයි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍සක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙලිවීම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට යාම ආදී කරුණුද මෙම තීරණයට මුල් වී ඇත.

නව ආරක්ෂක ‍ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයාට සමීප අයෙකු පත් කරනු ඇති බවද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

111 views
Main News