ආරවුලක් දුරදිග ගොස් පියාට, දියණියට පහරදෙයි.. පියා මරුට… දියණියට බරපතලයි…

August 27, 2021 at 2:20 am | lanka C news
ආරවුලක් දුරදිග ගොස් පියාට, දියණියට පහරදෙයි.. පියා මරුට… දියණියට බරපතලයි…

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් සිත්තංකේනි ප්‍රදේශයේදී ඇති වූ පහරදීගැනීමකදි එක්අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පොලීසිය පවසයි.

සිත්තංකේනි ප්‍රදේශයේ පිහිටි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් පසුව පහරදී ගැනීමක් දක්වා දුරදිගයාමෙන් පසුව එක් පාර්ශවයක් විසින් තියුණු ආයුධ වලින් සිදුකරන ලද පහදීමකින් එකම පවුලේ එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

එහිදී මිය ගොස් ඇත්තේ පියා වූ අවුරුදු 49 ක් වයසැති රාසනායගම් රෙජියානන්න් නැමත්තෙකු වන අතර බරපතල තත්වයෙන් සංගානෙයි රෝහලට ඇතුලත් කොට ඇත්තේ මිය ගිය අයගේ දියණිය බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මේ අතර අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,748 views

3 Comments to “ආරවුලක් දුරදිග ගොස් පියාට, දියණියට පහරදෙයි.. පියා මරුට… දියණියට බරපතලයි…”

  1. ගෞම් ඊයාරාජ් says:

    කොවිඩ් මරණ සාමන්‍යදෙයක් !
    මෝඩ බෛයි සෙල්ලංගෙවල් පාණ්ඩුවේ ,සෞඛ්‍ය ඇමති.

  2. පොඩි රාජා says:

    2020 තොපෙ  මූසල ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න ආර්ථික හැකියාව තිබුණා  , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොන ක්, ආර්ථික ය විනාශ යි , බන්ගලින්ට  ණය  වුණා ,  තටම ලා , තටම ලා ,  අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

    • vis8 says:

      Ane podi rajjjjjjjo…. umba tharahen saha eerisiyawen pelena manasika rogiyek. Thaman diha baluwanam hondai neda? 🙂