ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනිතියයි…

June 21, 2021 at 8:40 am | lanka C news
ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනිතියයි…

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ධර්මපුරම් ප්‍රදේශයේදී සිදුවූ ආරවුලක් දුරදිගයාමෙන් නිවසකට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පසයි.

ධර්මපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර පසුව පසුව එය පහරදීගැනීමක් දක්වාද දුරදිග ගිය බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.

අනතුරව එක් අයෙකු විසින් අනෙක්පුද්ගලායාගේ නිවසට ගින තබා පලාගොස් ඇති අතර ගිනිතැබීමෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

අදාල ගිලිතැබීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ධර්මපුරම් පොලීසය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,200 views

3 Comments to “ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනිතියයි…”

  1. චන්ද දායක says:

    කොලිවුඩ් සිනමාවෙන් වෙන හානියක් .ප්‍රශ්නයක් විසඳගන්නෙ ෆිල්ම් වල විදියට .

    • King Bull says:

      ධර්මපුරම්

    • රාජන්ගනේ-යාය -7-BOC-සිරිමල් උයනේ-පින් සුරා චාමර says:

      ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට, එකේ කක්කුසියට දාල තියෙන්නේ කිරිගරුඩ tile.
      ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු
      මගේ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ