ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ගේ සමාගමට පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක්වත් නෑ..

July 29, 2019 at 12:00 pm | lanka C news
ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ගේ සමාගමට පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක්වත් නෑ..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තුළ හේලීස් ෆ‍්‍රී සෝන් හි ගොඩගසා ඇති රෝහල් අපද්‍රව්‍ය සහිත කසල තොග වහා වත් කරන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත.

ඒ අනුව එම කසල තොග මේ වන විට බහාලුම්වලට පරවමින් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

කසල කන්ටේනර එකසිය 130ක් නිදහස් වෙළෙඳ කලාපයේ ගොඩගසා ඇතත් එම සමාගමට නිදහස් වෙළෙඳ කලාපය කටයුතු කිරීමට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

2017 වසරේ සිට මෙම සමාගම මෙහෙයුම් සිදුකර තිබුණ ද කිසිදු අවස්ථාවක පරිසර බලපත්‍රය ඉල්ලා නැතැයි ද ඔහු පැවසීය.

එම බලපත්‍ර ලබා නොගැනීම ගැන සමාගමට විරුද්ධව නීතිමය කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

17,741 Viewers
Main News