ආර්ථිකයට අදාල සියළු තීරණ ජනාධිපති අනුමත කලා.. බොරුවට එජාපයට බනින්නේ ඡන්ද ටිකක් කඩාගන්නයි..- කිරිඇල්ල

January 27, 2018 at 1:20 pm | lanka C news
ආර්ථිකයට අදාල සියළු තීරණ ජනාධිපති අනුමත කලා.. බොරුවට එජාපයට බනින්නේ ඡන්ද ටිකක් කඩාගන්නයි..- කිරිඇල්ල

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප වේදිකාවේ සිට එජාපයට පහර දුන්ද අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් එසේ එජාපයට එරෙහි ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ දේශපාලන උපක‍්‍රමයක් ලෙස යයිද ඔහු සදහන් කරයි.

කොතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනද පෙබරවාරි 10 වැනිදායින් පසුවත් වත්මන් ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් එජාපය විසින් ආර්ථිකය විනාශ කලේ යයි ජනාදිපතිවරයා විසින් එල්ල කරන චෝදනාව බැහැර කරන ඇමති කිරිඇල්ල සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇති ආර්ථික කමිටුව විසින් ගන්නා තීරණ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නා බැවින් එවන් ප5කාශයක් කලේ කවර අරමුණකින්දැයි නොදන්නා බවයි.

35 views

12 Comments to “ආර්ථිකයට අදාල සියළු තීරණ ජනාධිපති අනුමත කලා.. බොරුවට එජාපයට බනින්නේ ඡන්ද ටිකක් කඩාගන්නයි..- කිරිඇල්ල”

  1. indunil says:

    horagae ammagen paena aseema.=janapathigae katha

Main News