ආර්ථිකයට අසාධ්‍යයි.. අලුත් අයවැයක් ගේනවා.. බදු වැඩි කරනවා..- මුදල් ඇමති
April 30, 2022 at 4:40 pm | lanka C news
මෙම වසරේ ඉදිරි කාලය සඳහා නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජයේ සාකච්ඡාවක් ඇතිවී තිබේ.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇති බවද අමාත්‍යරයා පැවසීය.
ජාතික ආදායම් විශාල වශයෙන් පහත වැටී ඇති තත්ත්වයක් තුල එය ඉහළ දැමීම සඳහා අඩු කළ බදු යළි වැඩි කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් හෙතෙම සඳහන් කරයි.
පුද්ගලික චැනලින් කරලා ලෙඩ්ඩුන්ගෙන් අසාධාරන විදිහට සල්ලි ගරන දොස්තරලා, කලුකෝට් එකට මුවාවෙලා හිතේ හැටියට නඩු ගාස්තු අයකරන නීතිඥවරු, ටියුෂන් මුදලාලිලා, කලුකඩකාරයෝ මුලින්ම වටකරන්න. ඉස්පිරිතාල වලින් , උසාවි වලින් ලේසියෙන්ම විස්තර හොයාගන්න පුලුවන්. බිම් මට්ටමෙන්ම සුද්දෙ පටන් ගමු.
ආර්ථිකයට අසාධ්‍යයි.. අලුත් අයවැයක් ගේනවා.. බදු වැඩි කරනවා–සබ්රි …කවුද මේ ? ජනතා ජන්දෙන් පත් නොවූ පුද්ගලයින්ට මුදල් ඇමති කම් දීම දැන් පොහොට්ටුවේ ලොකුම රාජකාරියද ? අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුව මංකොල්ලා කාලා යහපාලන කාලේ පැනලා ගියා ,ද්විත්ව පුරවැසි බැසිල් කපුටාස් මුළු රටේම ආර්ථිකය අස්ථාවර කරලා පැන්නා ..අලුත් ම ව්‍යාසනය අපේ රටට කරන්නේ සබ්රිද ? ඔහුට ආර්ථික කලමණය ගැන දැනුමක් තියනවද ?පොහොට්ටුවේ දේශපාලකයින්ගේ නඩු වලට පෙනිසිටිමද සබ්රිගේ සුදුසු කම ..මහින්ද ,ගෝඨාභය ඇතුළු පොහොට්ටුව 225 පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව්
Aduwata yahluwanta depu vat badu apasu labagana
බදු ගහලා මිනිස්සුන්ගෙන් සල්ලි හූරලා අරන් රටක් කරන්න මොකටද බන් මුදල් ඇමති කෙනෙක්. උඹලා 225 ම ගෙවල්වලට වෙලා හිටියා නම් රටේ සල්ලි ගොඩක් ඉතුරු කරගන්න තිබ්බා.
බදු නහුතෙට ගහලා ආර්ථිකය නිදොස් කොට නිදහස් කරයිද මංදා