ආර්ථිකයට බරපතලයි.. අපහසු තීන්දු රැසක් ගන්න සිදු වෙනවා…

December 20, 2021 at 12:00 pm | lanka C news
ආර්ථිකයට බරපතලයි.. අපහසු තීන්දු රැසක් ගන්න සිදු වෙනවා…

ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ඩොලර් ආදායම් විශාල වශයෙන් අහිමි වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය.

තවදුරටත් ණය ලබා ගැනීමට ආණ්ඩුවට අදහසක් නොතිබූ නමුත් පසුගිය වසර දෙකක කාලය තුළ රට මුහුණ දුන් තත්ත්වය මත ආර්ථික වශයෙන් අසීරු තත්වයකට රට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

56,922 views

20 Comments to “ආර්ථිකයට බරපතලයි.. අපහසු තීන්දු රැසක් ගන්න සිදු වෙනවා…”

  1. Hi says:

    අපහසු තීන්දු කියන්නෙ පාර්ලිමේන්තුවට කෑම දන්සල නැතිකරලා ජනපති අගමැති මැති ඇමැතිවරුන්ට හා උන්ගේ පරපුර මහජන මුදලින් සංතර්පණය කිරීමද?

    • sam says:

      Finance minister is in holiday! Can u blv these guys? We are passing the biggest financial crisis in our history! While this guy warns about hard times, 30 of the ministers and MPs are in holiday in other countries. What a country!

  2. Sri Lankan says:

    Why delay ? Do it today.

  3. Gamarala says:

    වහාම මහා බැංකු සොරකමේ මුදල්/ සිනි මංකොල්ලයේ මුදල්/ සුදු ලුනු මංකොල්ලයේ මුදල් ලබාගන්න.

  4. Ishan Liyanage says:

    සංචාරක කර්මාන්තය, රට විරුවන්ගේ විදේශ විනිමය මත ආර්ථිකය රඳා පවතින ලංකාවට කොරෝනා නිසා ඇතිවූ බලපෑම ඇති මහත්. කොරෝනා අතරතුර උද්ඝෝෂණ කරමින් රට පුරා කොරෝනා පැතිරවීමට ජවිපෙ වැනි දේශපාලන පක්ෂ මුල් වී ක්‍රියා කලා. වෙනත් රටවල කොරෝනා නිසා සේවක වැටුප් කප්පාදු කරද්දී අපේ රටේ නිෂ්පාදනයක් නොමැතිව වැටුප් වැඩි කිරීමට සිදුවීම ආර්ථිකය කඩා වැටීමට තවත් හේතුවක්. එක් දිනක් හෝ රට වසා තැබීමට සුදුසු ආර්ථිකයක් නොමැති අපේ රට මාස ගණන් වසා තැබීමට සිදුවීම නිසා ආර්ථිකයට සිදුවූ බලපෑම අති මහත්.

    • sam says:

      පොහොර නොදීමෙන් වුනු මෝඩම මෝඩ වගා හානිය, සුදු ලූනු, එන්නත්, සීනි, තෙල්, ගෑස් වලින් සිදුවුනු කෝටි ගනන් අක්‍රමිකතා. ඇඳුම් මාරු කරන්නහෙ කරන ගැසට් මාරු කිරීම්, හමුදා නිලධාරීන් ලේකම් වරු විදියට පත් කරගෙන ඇන ගන්නා ඇන ගැනීම්, සාමාන්ය මිනිස්සුන්ට කන්ඩ නැති වෙලාවේ මැති ඇමතිවරු යන රට සවාරී, උන්ට ගේන කාර්, ඩොලර් හිඟයක් එන බව අවුරුදු දෙකක් තිස්සේ දැනගෙන දැන් බොරුවට අඳුරේ අත පත ගෑම්, විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් බැන්කු හරහා අඩු අනුපාතෙට කොල්ල කන්න ගිහින් කර ගත්ත ඇන ගැනීම්, අමු අමුවේ රටේ සම්පත් හොර රහසේ විකුනමින් ගසා කන කොමිස් … මේ මොකවත් නොපෙනන ඔබේ වහල් හිත!!

  5. සර් says:

    අගමැති උන්නැහැ ට කියන්න.සුදුඅලි..වැඩ වලට ගත්ත නය කන්දරාව…පරමිපරා ගනනනකට රට ඉවර කරල කියල

  6. ගරසරප says:

    දැන් මේක නොදැන හිටියද මහ බැංකුව, දේශපාලකයො, මාද්‍ය. ඔක්කොම මේ බරපතල වාරික ගැන දැනගෙන හිටියා. එකෙක්වත් ඕක මහ චන්දෙදි කියුවද? එකෙක් ඇහුවද ඉල්ලපු උන්ගෙන් කොහොමද මේකට මුන දෙන්නෙ කියල. මේවා මාද්‍ය ඉස්සරහට ගේන්න ඕන. ජංගියක් හරි කුනු කේස් එකක් අල්ලගෙන දගලනව මිසක්. මේක ඉස්සරහට ආවනම් ආමිකාරයෙක්ට නෙවෙයි රට දෙන්නෙ ආර්ථිකය ගැන දන්න එකෙකුට.

  7. Sinhalaya says:

    Wal gonheththata rata sawari yanna dolar thibenawa thopi okkoma thel kataramakata damala badinna thibenne ratath jathiyath winasa kala horaheththa koyi ballek awath chanda illagena dath tika kadala yawanne mewara

  8. saman says:

    අපිට අපහසු උනාට කමක් නෑ, උබලට පහසු තීරන ගනිල්ලා

  9. ගොඩේ මනුස්සයා says:

    කවුරු චන්දෙ දුන්නත් රට පාලනය කල කිසිදු පක්ශයකට මම චන්දය නොදීමට තීරණ ගත්තා…නැවත චන්දයකදී සුදුසු පුද්ගලයන් නොසිටියොත් නොදී සිටීමට සිදුවේ..මමද මේ රටේ අභග්‍යය දකින පුරවැසියෙකි.දුකට පත්වී ඇති ජීවත්වෙන්න වෙර දරන මහජනයා ගැන කනගාටුයි.

  10. අපේ රට says:

    උදච්චකම් පන්පොරි පසකලා රනිල් සමගින් IMF WB ගිහින් සහනදායි නය වලින් රට වසර3ක් කරල මෙ නරාවලින් ගොඩගමු. හැබැයි කොමිස් ජරාව නැහැ. එතකොට ජරායක්කු රට පනිනවනම් නවත්තපල්ලා.ගහපු ජරාව රටට ගමු.

Main News