ආර්ථිකය අතට ගන්නේ නම් ඡන්දෙට වේදිකාවල කෑ නොගසා මේ වැඩ කර පෙන්වන්න..- පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක..

January 22, 2018 at 2:10 pm | lanka C news
ආර්ථිකය අතට ගන්නේ නම් ඡන්දෙට වේදිකාවල කෑ නොගසා මේ වැඩ කර පෙන්වන්න..- පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක..

රටේ ආර්ථිකය හැසිරවීම සියතට ගැනීමට සැබෑ වුවමනාවක් ඇතිනම් ගෙවුණු වසර තුන ඇතුළත විකුණා දැමූ රාජ්‍ය සම්පත් යළි පවරාගෙන පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරයි.

එසේ නැතුව අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද කඩාවඩා ගැනීමට මැතිවරණ වේදිකාවල සිංහ නාද පැවැත්වීමෙන් කිසිදු පලක් නොමැති බව පවසන රණතුංග මහතා එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කන ගමන් අනෙක් පැත්තෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කිරීම තරම් දේශපාලන කුහකකමක් තවත් නොමැති බවත් අවධාරණය කරයි.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මිනුවන්ගොඩ, පත්තඬුවන දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

කප්පරක් බොරු කියලා බලයට ආපු ආණ්ඩුව අද තමන් කියපු බොරු හින්දම අමාරුවේ වැටිලා තියෙනවා. එදා මහින්දට හොරා කිව්ව යහපාලන නඩය අද කම්බා හොරු වෙලා ඉවරයි. මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කාලා රුපියල් බිලියන ගාණක් සාක්කුවට දාගත්තු අය දැන් රටේ ආර්ථිකය ගොඩනඟන්න කතා කරනවා.

මහ බැංකුවේ ගැහිල්ල හින්දා තමයි අද අපේ රටේ ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. ජීවන වියදම අහස උසට නැගලා මිනිස්සුන්ට තුන්වේල කන්න විදියක් නැහැ. බැංකු පොළී වැඩි වීම නිසා ණය ගත්තු මිනිස්සුන්ට ඒවා ගෙවා ගන්න විදියක් නැහැ. මේකද අර මාස හැටෙන් හදනවා කිව්ව අලුත් රට?

දැන් මේ ඡන්දෙට ඇවිත් කියනවා රට හැදුවා වගේ ගම හදන්න භාර දෙන්න කියලා. රට කාපු යහපාලන හොරුන්ට ගමත් දුන්නොත් නියමෙට තියෙයි. මෙයාලා ගම හදන ආණ්ඩුවක් නෙමේ ගම කන ආණ්ඩුවක්. ඒ හින්දා ගමට ආදරේ නම් රටට ආදරේ නම් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකකටවත් ඡන්දය දෙන්න එපා.

අද ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම කාසියේ දෙපැත්ත වගෙයි. මේ පක්ෂ දෙකම පිරිලා තියෙන්නේ හොරු සහ කයිවාරුකාරයන්ගෙන්. ජනතා විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවේ රතු ශාඛාව මිසක් තවදුරටත් මේ රටේ විකල්ප බලවේගයක් නෙමෙයි.

ජනාධිපතිවරයා කියනවා අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයට දීලා තිබ්බ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම මේ අවුරුද්දේ ඉඳන් එයා අතට ගන්නවාලු. එතුමා මේ හදන්නේ ආර්ථිකය විනාශ වීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයේ කරේ තියලා මිනිස්සු ඉස්සරහට ඇවිත් සුදනා වෙන්න.

රටේ ආර්ථිකයට වෙච්ච හානියට එක්සත් ජාතික පක්ෂය තරමටම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. මොකද එතුමා තමයි මේ වැලේ වැල් නැතුව හිටපු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලයක් අරන් දුන්නේ. එතුමා තමයි පැරැදි පැරැදි හිටපු රනිල් වික්‍රමසිංහව අගමැතිකමට පත් කළේ.

එතුමාගේ කාලේ තමයි රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණලා දැම්මේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ඒවාට විරුද්ධ වුණේ නැහැ. ඒ හින්දා දැන් මැතිවරණයක් කටඋඩ තියාගෙන ඇවිත් මිනිස්සු ඉස්සරහා අනෙක් අයට ඇගිල්ල දික්කරාට ජනාධිපතිවරයාට මේ වගකීමෙන් මිදෙන්න බැහැ.

ජනාධිපතිවරයාට ඔය කියන අන්දමේ සැබෑ වුවමනාවක් තියෙනවා නම් අපි අභියෝග කරනවා මේ ආණ්ඩුව විකුණපු රාජ්‍ය සම්පත් ආපහු අපේ රටට පවරා ගන්න කියලා. ඒ වගේම විකුණලා දාන්න සැලසුම් හදමින් තියෙන ආයතන විකුණා දැමීම නතර කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා.

එහෙම කරන්න එතුමට පුළුවන්කමක් නැහැ. රනිල් විකුණන රාජ්‍ය සම්පත් ආපහු පවරා ගන්න හෝ විකුණන්න හදන එක නතර කරන්න තරම් ශක්තියක් එතුමට නැහැ. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කන ගමන් අනෙක් පැත්තෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරනවා.

බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ එ. ජා. ප ප්‍රතිපත්ති පිළිගන්න බැරි නිසයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පිළිකනු ගාණේ නිදහස් පක්ෂ සාමාජිකයන් රිංගවන එකෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැකෙන්නේ නැහැ.

ඇත්ත වශයෙන්ම දෙවැනි වරටත් බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කළේ වත්මන් ජනාධිපතිවරයායි. එතුමා තමයි එ. ජා. පයේ කරේ නැගලා ගිහින් ජනාධිපති වුණේ. එතුමා තමයි නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ල එ. ජා.පයට පාවා දුන්නේ.

එහෙම කරපු ජනාධිපතිවරයා අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන එක හරියට වැද්දෝ බණ කියනවා වගේ වැඩක්. එතුමා ආරක්ෂා කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති මිසක් අපේ පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති නෙමෙයි.

බණ්ඩාරනායක මැතිතුමා කියන්නේ විජාතිකයන්ට විකුණලා තිබ්බ සම්පත් ජනසතු කරපු නායකයෙක් මිසක් රටේ සම්පත් විකුණන් කාපු නායකයෙක් නෙමෙයි. සිරිමාමෝ මැතිණියත් විජාතිකයන් සතුව තිබුණු ජාතික සම්පත් අපේ රටට නැවතත් පවරා ගත්තා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හැරුණු විට අපේ පක්ෂයෙන් ජනාධිපති වෙලා එහෙම ජාතික සම්පත් විකුණන් කෑවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. චන්ද්‍රිකා මේ රටේ සියලු සම්පත් තමන්ගේ ගජමිතුරන්ට තුට්ටු දෙකට විකුණලා කප් ගහපු කෙනෙක්.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙදිත් එකම සම්පතක්වත් විකුණලා දැම්මේ නැහැ. ශ්‍රි ලංකන් එක, ෂෙල් ගෑස් සමාගම, රක්ෂණ සංස්ථාව වගේ ආයතන නැවත පවරා ගත්තේ එතුමාගේ කාලයෙයි. චන්ද්‍රිකාගෙන් පස්සේ මේ රටේ ජාතික සම්පත් විකුණලා දැම්මේ වර්තමාන ජනාධිපතිවරයයි. එතුමට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

24 views

15 Comments to “ආර්ථිකය අතට ගන්නේ නම් ඡන්දෙට වේදිකාවල කෑ නොගසා මේ වැඩ කර පෙන්වන්න..- පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක..”

  1. leel says:

    චන්දෙන් පස්සෙ ගමය ආයෙත් යු.ඇන්.පි එකට එකතු වෙනව….මු යු.ඇන්.පි යට තග දාන්නෙ ගමට ගිහින් කරන්න/කියන්න දෙයක් නැති නිසා……පොහොට්ටුවට බැන්නොත් මුන්ගෙ අතට බුලත් කොලයට තියන චන්ද ටිකත් නැතිවෙනව කියල මේක දන්නව…….මුගෙ මායම්වලට රැවටෙන්න එපා……තමන්ගෙ නායකයට පස්සෙන් ගිහින් පිහියෙන් ඇනපු එකාට අග්ගලෙත් කජ්ජක්ද බන්…..

    • kamalasirikuruwita says:

      මෙයාලට ගම දුන්නොත් අර ග්‍රාමීය බැංකුවත් ඉවරම වෙන්න සුද්දෙ දෙයි. අවුරුදු තුනක් අපිට නොදෑනුන , රටට නොපෙනුණු එයාලට විතරක් පෙනෙනවා කියන ” හංගපු දියුණුව ” වගේ එකක් ගමටත් ගෙනාවොත් කොහොම හිටීද ? එහෙම වුනොත් ගමටත් ඉතින් විනාස සරනං විතරයි.

  2. love nature says:

    දින 100ට

    * තේ කිලෝව රුපියල් 80 ට හා රබර් කිලෝවකට රුපියල් 350 ක සහතික මිලක් 2015 අයවැය මගින් නියම කළද, අද ඒවායෙ මිල සඳහන් කළ මිලෙන් 1/2ක් පමන වේ.
    * මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රු. කෝටි 8300 ක් රටට අහිමි කර ඇත.
    * අධිකරණ නියෝගයක් ලබාගනිමින් කෝප් බැඳුම්කර වංචාවේ හෙලුව වසා ගැනීමට තැත් කරමින් සිටී.
    * තමන්ට අවනත නොවන සියල්ලන්ම එෆ්සීඅයිඩීයට ගෙන්වා කටවල් වැසීමට තැත් කිරීම ගජරාමෙට කරගෙන යයි..
    * හොරු හොරු කීවාට නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
    * 2014දී එතනොල් බලපත්‍ර ලබා දී ඇත්තේ 20 කි. එහෙත් මේ මාස මාස 6 ට බලපත්‍ර 30ක් ලබා දී ඇත.
    * 2014 දී ලංකාවට ගෙන්වා ඇති මුලු එතනෝල් ප්‍රමානයට සමාන ප්‍රමාණයක් මේ මාස 6 ට ගෙන්වා ඇත.
    * පසුගිය කාලයේ රාජ්‍ය ආයතනයක්‌ ලෙස ඉදිරියටම පැමිණි ලංකා සතොස වැහෙයිද? අද බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට පමණක්‌ නොව ලංකා සතොසේ 3200 ක්‌ පමණ වන සේවක සංඛ්‍යාවටද ඔවුන්ගේ පවුල්වල අයටද අද ඇතිවී තිබේ.
    * අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරන බවට පොරොන්දු වුවද මේ දින 100ට ඇමතිවරු 85කි.
    * ලංකාවට අඩිය තැබීමටත් බියෙන් පසුවූ එල්ටීටීඊ ඩයස්පෝරාව ලංකාවෙ ඩයස්පෝරා සැණකෙලියක් පැවැත්වීමට කාලසටහන් සකස්කරමින් සිටී.
    * ශ්‍රි ලංකා රජයට එරෙහිව කැරළි ගසමින් ලක්ෂයකට ආසන්න සිවිල් පුරවැසියන් ඝාතනයකල ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවිමේ කැබිනට් යෝජනාවකි.
    * මෙතෙක් සිරගතව සිටි ප්‍රබල කොටින් 80 නිදහස් කලබව දන්නවාද..?
    * අසීමිත කැපකිරීම් කොට එක්සේසත් කල මාතෘභූමිය ෆෙඩරල් රාජ්‍යයක් කරා ගමන් කරමින් පවතී.
    * මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා ලෝකයෙන් ණය ගත්තේ සියයට 5.12ටය.‘යහපාලන‘ ආණ්ඩුව අද ණය ගන්නේ සියයට 6.12ටය.
    * වත්මන් රජය පත්වූ පසු ගතවූ මාස 6ට ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 150සිට රුපියල් 152 පමණ දක්‌වා මස්ත බාල්දුවී ඇත.
    * රුපියල් 10 ආප්පයද දැන් 25කි. ලුණු මිරිසක් සමඟනම් රුපියල් 35කි.

    • සාධාරණ මිනිසා says:

      ඔ‍යතරම් බොරු ලියන්න එපා

      • kamalasirikuruwita says:

        උඹේ කොමෙන්ට් වලින් තණකොළ කන සතෙක් බව නම් රටටම පෙන්නනවා. මීහරක් ලක්ෂ 62 ආයෙත් ගොනාටම ඇඳෙන්න අසාවෙන් ඉන්න බව උඹේ කොමෙන්ට් එකෙන් පෙනෙනවා බං. මෙහෙමත් මිනිස්සු කියල ජාතියක් ! පවු අප්පා !!

  3. indunil says:

    katae nariwaadan………

  4. Kautilya says:

    Prasanna is a down to earth politician and hiss courage to take the bull by the horn must be appreciated.

    As he says it is true that the present tragedy and political chaos in the country is created by Sirisena.

  5. Raawana says:

    Shangri laa ekata Army H.Q. idama wikke kawuda? ewa raajya sampath noweyida?

  6. Alapaluwa says:

    කටින් බතල හිටවන මේ අප්පු මොනවද මේ දොඩවන්නේ??බයිලා තමයි.

  7. Kings says:

    You are very correct Mr. Prasanna. Only you directly says, what is doing President. As you said he is always talking only. Practicaly Zero.

  8. අතට හනිම හා කටට ගැනීම says:

    එකවර සිදුවිය යුතු කාරියක් දැයි මට සිතේ.

Main News