ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..

August 31, 2021 at 9:20 am | lanka C news
ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..

රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත

– lankadeepa

142,816 views

46 Comments to “ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..”

  1. ගන්ජ බන්ඩා says:

    අධීක්ෂණ මංත්‍රී ල පත් කලේ අහවල් එකටද?

  2. අරුණ says:

    කොච්චර උනත් පිනට බඩු බෙදන එක නවත්තන්නේ නැහැ. චන්දෙට කියන්න දේයක් ඔන්නනේ

  3. Felix says:

    Polonnaruwa Jogging Track….Like most essential work needs to do for the benefit of the nations…

  4. Sriyangeli says:

    ඩේසි ආච්ච්ගෙ මල්ලෙ තව මැනික් ඇති මුනුපුරාල යවලා බලමු

  5. කුඹුක්කණ් says:

    තියෙන ඩොලර් ටික ආර්ථික කුලී ඝාතකයගෙ කීම අහලා වැක්සීන් වලට යට කලාට පස්සෙ ඉතිං ගැට්ටෙ තමා.

    අන්තිමට කොරෝන ව්‍යප්තිය නැති වුනෙත් නෑ, මරණ ගනනත් වැඩි වුනා, උඹලා හරි හමං මිනිස්සු නං වැක්සීන් වලින් දෙනවා කිව්ව ප්‍රතිපල දුන්නෙ නැති නිසා, එ ඩොලර් ටික ආයෙ CLAIM කරගනිල්ලා.

    නිකං සල්ලි නාස්ති කලා , වැක්සීන් මිත්‍යාව පස්සෙ ගිය උගත් ලිං මැඩි ගෝත්‍රිකයො

    • LalithM says:

      පිස්සුව වැඩිවෙලා. බේත් විදින්න බය එකෙක්ද කොහෙද.

      • කුඹුක්කණ් says:

        බාගෙට ටෙස්ට් කරපුවා හදිසියට හදපුවා විදගන්න භය වෙන්න ඕනෙ තමා, උඹට ඒ භය නැත්තං උඹ විද්‍යාව නොදන්න එකෙක්.

        ලෝකෙ ඉන්න වැක්සීන් ලොක්කො කියන ඉංග්‍රීසි තේරෙන්නෙ නැත්තං

        අඩු ගානෙ ලංකාවෙ ඉන්න වෛරස් විසේසඥයා තිස්ස විතාරණ , චාපා එක්ක කරන්න ඉන්ටවිවි එකක් තියෙනවා සිංහලෙන් හොයාගෙන බලපං.

        ITN, Derana, Sirasa බලලා නටන්නෙ නැතුව

    • කැපුවත් පොහොට්ටුවට says:

      ඔව් බන් ඔය වැක්සින් එක නොදුන්නනම් වැඩකට නැති වයසක මිනිස්සු තව ගොඩක් මැරිලා යනව එතකොට රජයට ඔවුන් වෙනුවෙන් වියදම් කරන්න ඕන සල්ලි ඉතුරු වෙනව. විශෙශයෙන් පෙන්ෂන් කාරයෝ.

  6. Manodaya says:

    අපට කොරෝනා එවල වැක්සින් එවපු එවුන්ට විරුද්ධව නඩු දාල අපේ රටේ ආර්ථියක නැවත සකස් කරගත යුතුය.

  7. Mola hathe gon putha says:

    Hoda welawata mola 7 Tibbe.14k tibbanam Puka irei.

  8. නාරද says:

    වැඩකට නැති නිලධාරීන් ප්‍රවාහනයට ලීටරටය කිලෝමිටර දෙකක් පමනක් ධාවනය වන වාහන හා ෆූල් ලා එන පූල් වාහන වල ඉන්ධන, ඉන්ධන දීමනා, වායුසමීකරණ, සංග්‍රහ දීමනා, ‌සමහර ආයතන මාස්ක් ගන්නෙත් රජයේ මුදලින්, විදුලිබිල. බොරු ඔවර් ටයිම්. බොරුවට දවසක් වැඩට එන විට අදාල අවශේෂ කාර්ය මණ්ඩලටය ගෙවීම මෙන්න බොරු වියදම්. මු අමා එකෙත් ඔවර්ම ටයිම් ගන්නත් රජයේම වාහන වලින් එනවාද? අලුත්ම සෙල්ලම ඔන්ලයින් කැපැසිටි බිල්ඩින් කියලා රජයේ දෙපාර්තමේන්තු ඇතුලේ යන සෙල්ලම. මෙකෙන් හොඳට ගරන අතර හොඳට දෙගොල්ලක් හොයාගන්නවා ‌රුපියල් සහ සමහර අය ඩොලර් පිටට යවනවා. බොරුද ‌හොයාබලන්න. රහස්‍යතවය සුරකිනවා නම් නම් කරන්න පුළුවන්

  9. Athula says:

    ආර්ථිකය විනාශ කලේ කොරෝන එන්න කලින් ගසා කෑම නාස්තිය දුෂණය ගජමිතුරු මහා පරිමාණ බදු සහන හේතු වෙන්නෙ අදටත් ඒවා එසේමයි

  10. LalithM says:

    ඔය මොල හතේ පොර ආවාම ඔක්කොම විසඳේවි කියල නේද ඇමරිකාවේ ඉඳල ඉම්පෝට් කලේ. අඩුගානේ ඔය කියල තිබුන දේවල තේරුම වත්……. අනේ අපිට නම් තේරෙන්නේ නෑ. අපි ණයට මොකුත්ම අරගෙන නෑ.හොරාට අරගෙනත් නෑ.ඉතින් කෝ ඒ සල්ලි.

Main News