ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..

August 31, 2021 at 9:20 am | lanka C news
ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..

රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත

– lankadeepa

142,124 views

46 Comments to “ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..”

  1. Love nature says:

    සියලු දෙනාම බුදුන් දෙසු මැද පිළිවෙත අනුගමනය කරනවානම් මෙයින් බේරීමට හැකිවෙනු ඇත.

    • බූරු පුතානෝ සජීයා says:

      එහෙනම් උබ මුලින්ම වාහනේ ගෙදර දාල පයින් පලයන්

  2. 3% ට බය බයියා. says:

    යුද්දේ කාලයේ වත් මෙච්චර අහේනියක් තිබ්බේ නැහැ .

  3. නුවන් says:

    රටට අහිතකර සහ රට වනසන තැනට දෙපාර්තමේන්තු ගෙන යන්න ප්ලාන්ට් කරපු උපදේශක යෝ වාගේ කට්ටියක් බත්තරමුල්ලේ පැත්තේ ආයතනයක / වල ඇති නේද? මේ අය බැංකු ලෝකයෙන් පඩි අරගෙන දෙපාර්තමේන්තු විනාස කරනවාත් ඇති නෙද දන්නේ නැති නිසයි අහන්නේ. ලංකාවට කෙලවන්න හදනවා වෙන්න ඇති කියලා සුරංගනා කතාවක්. අපි දන්නේ නැහැ හොයමුද?

  4. Amda says:

    පාර්ලිමේන්තු කැන්ටිම එක්කො නවත්තන්න…නැත්නම් පාඩු පිට කරගෙන යන එක නවත්තන්න

    මන්ත්‍රී වරප්‍රසාද නවත්තන්න

  5. Hari says:

    රජයේ වියදම් විතරද සීමා කිරීමට තීරණ මැති ඇමති අමතිවරුගේ වාහන, නෝනගේ වාහන පෙළපාලි, නෝනගේ බලු කුක්කන්ගේ වියදම්වලට මොකද මොනවද කරන්නේ

  6. Chathura Gunarathna says:

    meh mohote haki tharam patithada karagena anduwata sahaya demu.

  7. Sunil Perera says:

    me dawas wala rate thathwaya godak wenas wela. me wenakota ratata laben adayamada ahimi wela gihin. nikamatawat yaha palane thibuna nam mokda wenne. hoda welawata me anduwa thiyenne’nathnam api marichcha than wala gasuth pala wela’

  8. Sagarika Alvis says:

    rajye adayam adu wimath samaga me gena athi kriya marga itha wishishtai. hariyata karagena giyoth nawatath rata ikmanin yatha thathweta path kara ganna puluwann wei.

  9. රුක්ෂාන් සිල්වා says:

    රටේ තතත්ත්වය එන්න එන්නම දුර්වල වෙමින් පවතිනවා. ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා කෙසෙ හෝ මෙම තත්වය පලනය කර ගෙන රට නැවත යතා තත්වයට පත් කර ගත යුතුයි.ඊට මුලින්ම කල යුත්තේ රට විවෘත කල යුතුයි. එපමණක් නොවේ එසෙ විවෘත කල පසුව අපද නැවතත් කොවිඩ් වෛරසය පලනය කර ගැනීමට රජයට සහයෝගය දිය යුතුයි.

  10. ඇමැති වරුන් සදහා රජයෙන් වාහන තුනක් හා එම වාහන තුනටම ඉන්ධන නිකුත් කිරීම නඩත්තු කිරීම රියදුරන් සේවය කිරිම කරන ලැබේ මෙවැනි විශාල වියදමක් ඇමැති වරයෙකු වෙනුවෙන් දැරිය යුතුද

Main News