ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..

November 9, 2021 at 3:26 am | lanka C news

කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

40,236 views

22 Comments to “ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..”

  1. Amaris says:

    නිව්ටන්ගෙ තෙවන නියමයට අනුව Every action has a reaction… මෙය සෑම දේටම අදාලයි. රටත් ජනතාවත් අන්ත දුගී තත්වයට පත්වනවිට ඊට සමානුපාතිකව තව කොටසක් ධණ කුවේරයින් බවට පත්වෙනවා. කොරෝනාව මේ දේශපාලුවන්ට මෙන්ම ඇතැම් සවුඛ්‍ය අංශ වල නිලධාරින්ටද වෙස්වලා පැමිනී ආශිර්වාදයක්. මේ එන්නත්කරනයෙන් කිසිම පලදායී තාවයක් නෑ. දැන් කොරෝනා වැලදෙන සියලුම දෙනා මාත්‍රා දෙකම ගත් අය. පෙරටත් වඩා රෝගීන් හමුවෙනවා. නමුත් සංඛ්‍ය ලේකන වසන් කරනව දැන් ජනාමාද්‍ය ඇතුලු මේ මුදල් මංකොල්ලයට සහබාගී උන සියල්ලෝම ගලේ පැහැරූ බලලු වගේ ..මා වසන ප්‍රදේශායේ බොහෝ නිවාස වල කොරෝනා රෝගීන්. පී එච් අයි නිරෝධායනය කලබවට ගේට්ටුවේ දැන්වීමක් අලවා යනවා ඉන්පසු රෝගීන් ඔහුන්ගේ දයිනික කටයුතු සම්මාන්‍ය පරිදි කරගෙනවා. පී එච් අයි පැත්ත පලාතක එන්නේ නෑ. අසල් වැසියන්ට එතරම් ගානකුත් නෑ .සිදු උනේ තක්කඩි රැලකට මුදල් උපයන මාර්ගයක් සැලසී රට බංකොලොත් වීම පමනයි.

  2. අරගලය says:

    රාජ්‍ය සේවකයන් ෂයිලොක්ලා වෙලා.
    රාජ්‍ය සේවකයාට මස් රාත්තලම දෙන්න රටේ අනික් මිනිස්සු බඩගින්නේ තබන්න එපා,රෝගීන්ට බෙහෙත් නැතිකරන්නට එපා,අත්‍යාවශ්‍ය ආනයන නවත්වන්න එපා.
    රාජ්‍ය සේවකයාට මස් රාත්තලම දෙන්න ඕන නිසා ගොවියට පොහොර ටික නැතිවෙනවා,මේසන් බාස්ට සිමෙන්ති ටික නැතිවෙනවා,ළදරුවන්ට කිරිපිටි ටික නැතිවෙනවා.
    වැඩක් කලත් නැතත් මාසේ පඩි ලබන රාජ්‍ය සේවකයාට මස් රාත්තලම දෙන්න ඕන නිසා දෛනික ආදායම් උපයපු එදාවේල උපයපු මිනිස්සු කබලෙන් ලිපට වැටිලා.
    වෘතීය සමිති සහ ඇතැම් පක්ෂ රාජ්‍ය සේවකයාට මස් රාත්තල ඉල්ලන ගමන්ම ගොවියන්,ධීවරයන්,දෛනික වැටුප් හා එදා වේල උපයන්නන් වෙනුවෙනුත් පෙනී සිටින්නට යෑම හාස්‍ය උපදවන ව්‍යාජ රංගනයකි,න්‍යාන පටලවා ගැනීමකි.රටම යොමු කල යුත්තේ පොදු අරමුණු සහ පොදුජයග්‍රහන සදහා වූ අරගලයකටය.

  3. රටවැසි says:

    මං ඉන්නෙ කොයි සිරි ලංකාවෙද කියල හොයා ගන්නෙ කොහොමද ?

    එක රටක ඇමති වරු කියනව රටේ සල්ලි නෑ බංකොලොත් කියල .

    අනිත් රටේ ඉන්න ඇමති වරු කියන්නෙ , හැසිරෙන්නෙ සල්ලි ඕනතරං සල්ලි වලට කොරන්න දේවල් නැති නැති කමේ දුකෙං වගේ .

    හැබැයි අපිට නං වැලේ වැල් නැතිවේගෙන යන්නෙ .

  4. Nalaka says:

    Most of government servants are rouges and 70% are doing nothing and getting salary. Applicable to so called parlimant members too.
    These most of government servants are another curse to Sri lanka.
    So we hope they also should get 50% of their salaries

    • අරගලය says:

      රටක රාජ්‍යය ධනපති පංතියේ රාජ්‍යයක් නම් එහී රාජ්‍ය සේවය හා රාජ්‍යය සේවකයා ‌යෙදවී ඇත්තේ එම ධනපති පංතියේ අවශ්‍යතා සහ පැවැත්ම සඳහාය.
      රටක රාජ්‍යය නිර්ධන පංතියේ විප්ලවයකින් බිහිවූ අධිරාජ්‍යය විරෝධී ප්‍රගතිශීලී රාජ්‍යයක් නම් එහී රාජ්‍ය සේවය හා රාජ්‍යය සේවකයා ‌යෙදවී ඇත්තේ අධිරාජ්‍යවාදී විරෝධි ප්‍රගතිශීලී කාර්යයකය.
      ලංකාවේ වම හා වෘතිය සමිති ව්‍යාපාරය රාජ්‍යය සේවය හා රාජ්‍යය සේවකයා වෙනුවෙන් කල සටන් පසුවිපරමකට ලක් කරද්දී එම සටන අනියමින් අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් වන ලෝකල් ධනපති පංතියේ රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් කල සටනක් ලෙසද විග්‍රහ කල හැක.
      ඓතිහාසික සමාජ සංවර්ධනයේ ප්‍රථිපලයක් ලෙස අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් වන ලෝකල් ධනපති පංතියේ රාජ්‍ය කඩාගෙන වැටෙන විට ඒ සමගම එහී රාජ්‍ය සේවයද කඩාගෙන වැටීම සිදුවන හා සිදුවිය යුතු දෙයකි.ඒ ගැන කම්පා නොවන්න.

  5. Mass Grave says:

    ලංකාවේ රාජ්‍ය සේවය යටත් විජිත සමයේ බිහිවූ එකක්.එය අනෙක් දියුණු හා ආර්ථිකව බලවත් රටවල රාජ්‍ය සේවයට කිසිසේත් සමකල නොහැකි මුඩුම, අකාර්යක්ෂම, පටු ආත්මාර්ථකාමී එකක්.
    අද ලංකාවේ රාජ්‍ය සේවය එහී ජනතාවට හෙනයක් වෙලා.ලංකාවේ ව්‍යාජ රාජ්‍යක්‍රමය සමගම එහී රාජ්‍යය සේවයද නැවත ගොඩ ගැනීමට නොහැක.එකම සමූහ මිනී වලේ වැලලී යනු ඇත.

    • උලමා says:

      රටේ මැති ඇමැතිලාගේ පවුල් වල සාමාජිකයින් බාල් නටමින් විනෝද වෙමින් ලෝක වටේ ..ඒ රටේ ජනතාවගේ බදු මුදල් නේද ? රටේ ආර්ථිකය විනාශ වීම පුදුමයක්ද ? රටේ ජාතික සම්පත් ,විකුණා ,බදු දී ලබා ගත් මුදල් කෝ ? ඒවා බහිරවයා ගිල්ලද ? පොහොට්ටුව කරුණාකර රටේ ආර්ථිකය ගොඩදාන්න පොහොට්ටුවේ සහ යහපාලන කාලයේ සිටි මැති ඇමැතිලාගේ දේපල රාජසන්තක කරන්න ..නිරුපමාගේ සොරාගත් මුදල් වලින් රජයේ සේවක වැටුප් ගෙවන්න

  6. Ranjith Gunawaradana says:

    We still not that looking for the Root cause of Island system of Economy is in decline very rapidly. Ours is dependable Economy base on IMF and World Bank guidelines.
    An Even current ruling party and govt. has NOT that change path and OLD of that UNP policies laid down by previous Ranil+ Sajith of that UNP political classes .

  7. 0.00069 BIYYO says:

    රාජපක්ෂ ගේ වයාපාරිකයන්ට බදු සහන දිලා 2020 ජනවාරිවල රන් සංචිත ටික විකුනල දාල දැන් ඔක්කොම කොරොනා නිසා කියනවා බොරු කිමෙ සිමාවක් තියාගන්න
    රට විනාස කලෙ ගොටාබයගෙ ප්‍රතිපත්ති නිසා මිසක් කොරොනා නෙවෙයි