ආර්ථිකය අවදානම් මට්ටමේ… හේතුව යහපාලනය හා කොරෝනා..

February 17, 2021 at 3:00 pm | lanka C news
ආර්ථිකය අවදානම් මට්ටමේ… හේතුව යහපාලනය හා කොරෝනා..

යහපාලනයේ දුර්වල ආර්ථික කළමනාකරණය හා කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වැලිවේරිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගනු ලැබුයේ යහපාලන රජය විසින් සෘණ බවට පත් කල ආර්ථිකයක්. ඒ සමගම ඇතිවූ කොවිඩ් බලපෑම දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ අපි මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන්ගෙන් කළ ඉපැයීම් විශාල ලෙස පහත වැටී තිබෙනවා.

අපගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මානත්ය දැඩි ලෙස බිද වැටුනා. ඉන් සෘජු හා වක්‍රව යැපුණු ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. දෙවැන්න රට විරුවන් එවන ප්‍රේශන. ලෝකය පුරා පැතිර තිබෙන කොවිඩ් 19 හේතුවෙන් අපේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ රැකියා අහිමිව හා අවධානමට ලක්වීම නිසා අපට ලැබෙන විදේශ ප්‍රේශන අඩු වී තිබෙනවා. තෙවැන්න අපනයන ආදායම. එය යම්තාක් දුරට ඉහළ මට්ටමක පවත්වාගන යාමට හැකිවුවද එය රටේ පවතින මූල්‍ය අවශ්‍යතාවයෙන් ඉටු කරනුයේ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

මේ අවස්ථාවන් තුනම අහිමි වී තිබෙන අවස්ථාවක අපට තිබෙන අනෙක් අවස්ථාවනම් ආයෝජනයයි. ආයෝජනයේ සරල ව්‍යවහාරය නම් ව්‍යාපාරයයි. ලංකාවේ ව්‍යාපාර කරන සියලු දෙනා එයින් ආදායම් උපයන්නේ කෙසේද? එය පවත්වාගෙන යන්නේ කෙසේද? එය තවදුරටත් පුළුල් කර ගන්නේ කෙසේද? එයට හවුල්කරුවකු සම්බන්ධ කර ගන්නේ කෙසේද? යන්න පිළිබදව හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඒ කටයුත්ත විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙනුවෙන් රජය විසින් දේශීය හෝ විදේශීය හවුල්කරුවකු සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට යාමේදී එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට කටයුතු කරන සුළු පිරිසක් නිසා රට තවදුරටත් ආර්ථිකමය පිරිහීමකට ලක්ව තිබෙනවා.

රටේ ආයෝජනයන්ට විරුද්ධව එය නතර කිරීමට උත්සහ දරන පාර්ශවයන් රටේ පවතින ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් අදටත් ඉදිරිපත් නොකරන අතර එලෙස කළ හැකි වෙනත් ක්‍රමයක් පවතී නම් එය ඉදිරිපත් කරන ලෙස ඔවුනට අභියෝග කරනවා.

ව්‍යාපාරයක් පිළිබදව පෙට්ටි කඩයක් කරන අහිංසක අම්මා කෙනෙකුට වුවද තේරෙනවා. හැබැයි එය නෝතේරෙන සුළු පිරිසක් හේතුවෙන් ඇති හැකි අය කෙසේ වෙතත් නැති බැරි බහුතර ජනතාවක් අද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩ නගා ජනතාවගගේ දුක් ගින්දර සමනය කළ යුතුයි. අපේ අරමුණ රටත් ජනතාවත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම” බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

25,235 views

28 Comments to “ආර්ථිකය අවදානම් මට්ටමේ… හේතුව යහපාලනය හා කොරෝනා..”

  1. UNP GAL IBBA says:

    ආමේ ලංසයා යටගිය රෙද්ද වැඩක් ණෑ උඹල ගේ වැඩ පෙන්නපන්?????????

  2. බූරු පුතාණෝ සජියා says:

    බීච් බෝයි කාලෙ සුද්දන්ට ලංකාව ගැන බොරු කියල දීල තියෙන නිසා තමයි ඔය විදියට කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නැත්නම් කතා කරන්නෙ දෙමළ කුණූහරුපෙන් විතරයි.

  3. On The Spot says:

    ලන්ස කොහෙන්ද බිව්වෙ?තමන්ගෙම බඩුද​?කාගෙන් හරි ඩීල් කරපු බඩුද​?

  4. RED BULL says:

    ආචාරී මර්වින් සිල්වාගේ අඩුව පුරවන්න ආ අපේ කාලයේ ප්‍රාඥයා.අනේ හුකේ කිව්වලු.

  5. සෙරෙප්පු සුප් says:

    ආර්ථිකය අවදානම්
    හේතුව​?
    කොරෝනයි යහපාලනෙයි,නාකොටික් එකයි.
    එතකොට ඔය ආර්ථිකේට රටේ නිෂ්පාදනේ බල පාන්නෙම නැද්ද​?
    පිස්සුද එහෙම එකක් මං අහලවත් නැහැ.
    දැන් ඉල්ලුමට අවශ්‍ය සැපයුම තියනවද​?
    පොඩ්ඩක් අවුල් මුන් පැන පැන අල්ලනවනෙ.
    ඒ මොනවද​?
    පෙරේද කොළඹින් කිලෝ සීයයි,ඊයෙ හලාවතින් කිලෝ දෙසීයයි,ඊට කලින් දෙවුන්දර තුඩුවෙන් කිලෝ හාරසීයයි,ඊටත් කලින් පේදුරු තුඩුවෙන් කිලෝ හයසිය දහයයි.
    කිලෝ හාර පන්සියකින් රටේ ආර්ථිකේට කොරන්න පුළුවන් කෙං ගෙඩිය මොකද්ද​?
    ඒ ඔහේල දන්න තරම​,මෙව්ව අගය එකතු කරපු කිලෝ.
    ඒ කියන්නෙ ඇඩඩ් වැලිව්.
    ඒව මං දන්නෙ නැහැ,කොහොමත් ගිණුමට නම් ඇඩ් වෙනව​.
    ඒකෙන් රටේ ආර්ථිකේට ඇති වැඩේ මොකද්ද​?
    රටේ ආර්ථිකෙන් අපට ඇති වැඩේ මොකද්ද​?

  6. Sun says:

    These are the types of economic advisors in the country and who knows what is going to happen to the country.

  7. gonsira says:

    mewani gon tadiyan, kuddan, olamottalayan maddya sadaha yomukireema tulinnma anduwe bankoloth bawa manawa widaha pati.

  8. Jagath says:

    කුඩු පිටරට යැවුවොත් සල්ලී හොයාගන්න බැරි wei ද???

Main News