ආර්ථිකය අස්ථාවර වෙනවා.. කොටස් වෙලදපල වැටෙනවා.. ආයෝජකයෝ බිය වෙනවා.. රට අස්ථාවර වෙනවා..- කතානායක කරු ජනපති-අගමැතිගේ මූණටම කියයි..

February 2, 2018 at 10:40 am | lanka C news
ආර්ථිකය අස්ථාවර වෙනවා.. කොටස් වෙලදපල වැටෙනවා.. ආයෝජකයෝ බිය වෙනවා.. රට අස්ථාවර වෙනවා..- කතානායක කරු ජනපති-අගමැතිගේ මූණටම කියයි..

එජාපය හා ශ‍්‍රීලනිපය අතර වන දේශපාලන විරසකය යහපාලන ආණ්ඩුවේ අරමුණු වෙත ගමන් කිරීමට බාධාවක් වී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුණ ගැසී කතානායකවරයා මේ බව පෙන්වා දී තිබේ.

කතානායකවරයාගේ විශේෂ ඉල්ලීමක් මත මෙම හමුව සිදුව ඇති අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැතිවරණ වේදිකාවේ පමණ ඉක්මවූ විරසකය යහපාලන අරමුණුවලට විශාල බාධාවක් වන බවයි.

‘සමහර දේශපාලන කතා නිසා රටේ ආර්ථිකය අස්ථාවර වෙන්නත් පුළුවන්. ආයෝජකයෝ බිය වෙනවා. කොටස් වෙලදපල කඩා වැටෙනවා. ඡන්දෙන් පස්සෙ රට අස්ථාවර වෙතැයි සිතනවා.

මේ ආකාරයේ ප‍්‍රශ්න ඇතිවීම රටට හොද නෑ. සෝභිත හාමුදුරුවන්ගේ අපේක්‍ෂා අපි ඉටු කරන්න ඕනෑ’ යයිද කියා ඇති කතානායකවරයා වේදිකාවේ විරසකය දුරු කර ගන්නා ලෙසද ඉල්ලා ඇත.

කතානායකවරයාගේ මෙම ඉල්ලීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකග වී ඇති බවද වාර්තා වෙයි.

24 views

11 Comments to “ආර්ථිකය අස්ථාවර වෙනවා.. කොටස් වෙලදපල වැටෙනවා.. ආයෝජකයෝ බිය වෙනවා.. රට අස්ථාවර වෙනවා..- කතානායක කරු ජනපති-අගමැතිගේ මූණටම කියයි..”

  1. indunil says:

    karu ratae karumeta kumakk karannada?

Main News