ආර්ථිකය කඩා වැටීම අතලග.. රුපියල රැක ගන්න දිනකට ඩොලර් මිලයන පහක් විකුණයි..
February 21, 2017 at 8:40 am | lanka C news
අද වන විට මෙරටද පෙන්නුම් කරමින් ඇත්තේ ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටීමට පෙර පෙන්නුම් කළ අසාමාන්‍ය ලක්ෂණම බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ ඉඩම් මිල විශාල වශයෙන් ඉහල නැගීම ආර්ථිකයේ අද ඇති වී තිබෙන අසාමාන්‍ය හැසිරීම තේරුම් ගැනීමට කදිම නිදසුනක් යයිද ඔහු එහිදී කීය.
රුපියල කඩා වැටීම පාලනය කිරීම සදහා මහ බැංකුව විසින් මේ වසර තුළදී පමණක් ඩොලර් මිලියන 221ක් විකුණා ඇති බවත් එය එක් දිනයකට ඩොලර් මිලියන පහක ප්‍රමාණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුව විසින් රුපියල පාලනය කිරීම සදහා ඩොලර් මිලියන 4331ක් විකුණුදමා ඇති බවත් ඉතිහාසයේ කිසි දිනෙක මේ සා විශාල මුදලක් රුපියල රැුක ගැනීම වෙනුවෙන් වෙළෙ`දපොලට නිකුත් කර නැති බවද ඔහු පැවසීය.