ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා..- ජනාධිපති ලේකම්..

November 28, 2021 at 10:22 pm | lanka C news
ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා..- ජනාධිපති ලේකම්..

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්ර සඳහන් කර ඇත.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් කිහිපයක් දැනටමත් බිඳවැටී ඇති පසුබිමක ශ්‍රි ලංකාවට නරක කලදසවක් උදා වී ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රි ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකුද වන ආචාර්ය පී.බී ජයසුන්දර පවසන්නේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවදියකට මුහුණ දී නොමැති බවය.

“කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද පැවසීය.

– newswallet උපුටා ගැනීමකි

124,376 views

54 Comments to “ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා..- ජනාධිපති ලේකම්..”

  1. Gamini says:

    This useless, highhanded , arrogant and opportunist guy is responsible for whole debacle. He was Finance Secretary for many years during the Chandrika and Rajapaksha regimes. Now, he is pinpointing wrong reasons for the problem.

  2. Dadoriya says:

    Maruwa samaga whashe…. ?????

  3. ගන්ජ බන්ඩා says:

    සජිත් ජනාධිපති නම් සල්ලි සහ සහන බෙදල රට ගොඩ ගන්නවා. 🤩

    • ජෙපි අනුර says:

      අපි ආණ්ඩුව කරනවා නම් චිට් බෙදලා ස්ට්‍රයික් කරලා රට ගොඩ ගන්නවා.

    • JUDE says:

      ප්‍රේමදාස පාලන කාලේ සොරාගත් මුදල් වලින්ද ?

  4. Kalu Albot says:

    THOI THAMAYI ME RATA VINAAA KERUWE!

  5. Ronsura says:

    Old man. Leave your greedy seat at least now. You are curse to this country.

    • cobra says:

      ජයසුන්ර කරුණාකර ඉල්ලා අස්වී ගෙදර පලයන් අපේ රට විනාශ කරන්නේ උබලා වගේ නරුමයෝ තමයි

  6. calista says:

    පාර්ලි මේන්තුවේදී අනුර සහෝදරයා පරකාශ කලා මේ රට රාජපක්ෂ මීහරක් ගේ නොවන බල ජයසුන්දර යාගේ නොවන බව ආර්ථිකය ශක්ති මත් අපිට රට ගෙනියන්න කියා ආ බත් බැලයෝ කෝ බන්දුලයා කෝ🐃🐗🐕🐖කෝ ජොන්ට 🐗🐕කෝ අලුත්ගමයා🐸🐒🐫🦙🦒කෝ තොපි රට හොරා කාල බැසිය මුලු ආර්ථිකයම බින්දුවට දාල දැන් ඕකලා පැනල යාවී උන්ගේ රටට කෝ අර කහ සිවුරු🐂🐃🐄🐴🐎🐎අස්සයො

    • ගිරවා says:

      MCC එකට රටේ ඉඩම් විකිණීමට තවත් ගේම් එකක් ගහන්න හදනවද ජයසුන්දර .කරුණාකර සේවයෙන් සමුගන්න

  7. Pore says:

    Next government should introduce suitable laws to punish this type of government officials who are responsible for blundering the country’s economy in this manner. They wait till the last minute and tell the people now they cannot do anything. What the hell have they been doing all these years. Bloody mother fu….. basterds.

  8. mirsh says:

    what kind of useless man is this? Waits until things have become worse to tell the public.
    As if the public is responsible. What was this P B Jayasundera doing all this time ? What steps did he take to minimise the damage? Thats what he needs to be telling us. Before he told us the foreign media told us how bad the economy is.

  9. මරතේනිස් අයියා says:

    2015ට කලියෙන් ඉවක් බවක් නැතිව ⁣ලෝකෙන්ම ණය අරගෙන කොන්ක්‍රීට් කඳු ගොඩනගද්දී මේ ණය වලට වාරික ගෙවන්න ත් දවසක් එනවා කියලා මෙයාට හිතෙන්නමනැතිව ඇති නේද?මොකද එවකට මුදල් අමාත්‍යංශයෙ ලේකම් මේ ආර්ථික ඝාතකයාමයි

  10. lakshitha says:

    අපේ පැතුම

    ජනාධිපතිතුමනි, ඔබතුමා ජනාධිපති තනතුරේ සිටිමින් :

    1 General ශවේන්ද්‍ර සිල්වාට අවුරුදු 10 කට රට බාර දෙන්න.
    2 දියවාන්නවේ 225 දෙනාම හැඳි ගැවෙන්නට ඉඩ හරින්න .
    3 රට පාලනයට සුදුසු පිරිස හමුදාව තුලින් පමණක් තෝරා ගන්න .
    4 පළාත්සභා අහෝසිකරන්න.
    5 සියලුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකොට අතිරික්ත සේවකයින් විශ්‍රාම ගන්වන්න.
    6 අවම ගාස්තුවක් අයකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න.
    7 ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මෙරටට ගැලපෙන විෂයමාලාවක් යටතේ යාවත්කාලින කරන්න
    8 විද්‍යා දදාති විනයං – පාසල් අධ්‍යාපනයේ තේමාව වියයුතුයි.
    9 පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න
    10 සිසුවිනය විනාශකරමින් සිසුන් නොමගට යොමු කරන ටියුෂන් කඩ තහනම් කොට දුර්වල සිසුන් සඳහා අතිරේක පන්ති
    පවතන්න.
    11 පාසල් සිසුන් නොවන පිරිසට සුදුසු විධිමත් පවුද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නිර්දේශයන්ට යටත්ව ආරම්භ කිරීම සඳහා උපදෙස් දෙන්න.
    12 සියලුම පවුද්ගලික අධ්‍යාපන ආයතනවලින් ආධායම් බදු ඍජුවම අයකර ගැනීම සඳහා Income Tax නියෝජ්තයෙක් බැගින් ඒ ඒ ආයතනවලට අනුයුක්ත කරන්න
    13 සමස්ථ රට තුල විනයවත් පරිසරයක් ගොඩ නගන්න.

Main News