ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…

May 12, 2022 at 8:02 am | lanka C news
ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…

යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් දූපතේ පදිංචිව සිටියද පවතින ආර්ථික අවධානමත් සමගින් දෛනික ආහාර සොයාගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි වැසියන් දූපත හැර වෙනත් ස්තානවලට යාම ආරම්භ කොට ඇත.

නෙඩුන්තීවු දූපතට මාස තුනකට අධික කාලයක පෙර සිටිම පැවති ස්ථීර බෝට්ටු සේවය නතරවීම හේතුවෙන් එම වැසියන් යාපනය දිස්ත්‍රීක්කයට ඇතුලු වෙනත් දූපත්වලට ගමන්කරනු ලැබුවේ සාමාන්‍ය ධීවර යාත්‍රා උපයෝගි කොටගෙන හේතුවෙන් එම ගමන් දැඩි ජීවිත අවධානමක් පවතින බවටද එම වැසියන් පැවසූහ.

දූපත් වැසියන් විරැකියාවෙන් පෙලීම, වෛද්‍ය පහසුකම් නොමැතිවීම, අධ්‍යාපන පහසුකම් නොමැතිවීම, ගමනාගමන පහසුකම් ඇතුලු කිසිදු යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් එහි වැසියන් මේ වන විටත් යාපනය නගර ආසන්නයට සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට සංචරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්ථා වෙයි.

එමෙන්ම ලංකාවේ දැනට පවතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලගණණ් අධික ලෙසින් ඉහල යාම හේතුවෙන් දෛනික අදායමක් හෝ ආර්ථිකයක් නොමැති පවුල් වලට නෙඩුන්තීවු දූපතේ ජීවත්වීම අඩි අපහසුතාවක් වූ අතරම බොහෝ පවුල්වලට ආහාර සොයාගැනීම දැඩි ලෙසින් අපහසු වූ බවටද එහි වැසියන් පවසති.

මෙලස නෙඩුන්තීව් දූපත් වැසියන් වැසියන් දූපත හරයාම පිළිබඳව වැඩිදුරටත් පවසා සිටින්නේ තමන්ට දෛනික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් කිසියම් ආධාර වැඩිපිළිවලක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මාර්ගයෙන් හෝ සලසා දෙන ලෙසටත් එසේ නොවන්නට නෙඩුන්තීවු දූපතේ සියලු වැසියන් දූපත හැරදමා යනු ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

87,292 views

8 Comments to “ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…”

  1. Amaris says:

    රනිල් වගේ රටම ප්‍රතික්ශේප කරපු රාජපක්ශ ගැත්තෙක් අගමැති කරනවා කියයන්නේ .රාජපක්ශල හොරාකාපු සල්ලි සුරක්ශිත කරදීමටයි .මහින්ද තාම ගේම අතහැර නෑ මේක මහින්ද පවුලේ කුමන්ත්‍රණයක් . .එහෙම දෙයක් උනොත් ජනතාව පාරට බැසීම වලක්වන්ඩ බෑ .මේක ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් .මේකට විමල්ල ගම්මන්පිලලත් වගකිය යුතුයි .ඔක්කොම කරල අන්තිමට රනිල් අගමැති කරල නතර උනේ .ඊට වඩා හොදයිනේ බැසිල් අගමැතිකලානම් .රනිල් අගමැති කලොත් තව මාසයක්වත් ඇදිරිනීතිය දැමීමට සිදුවෙනවා නිසැකයි මා කිව දෙයක් වැරදිලා නෑ .

    • Haritha says:

      100% Agree 👍

    • අංකූරා says:

      අමාරිස් අයියේ උඹ වගේම මමත් අකමැතියි ඔය යකාට, ඒත් මේක සර්වපාක්ෂික ආණ්ඩුක්නෙ. අපිට ඕනෑ දේම වෙන්නෙ නෑ බං.

    • Civil says:

      එක හමුදා කාරයෙක්ව ගෙනල්ලා කඳ හරහා ඇඳගත්තා මදිවට දැන් තව හමුදා කාරයෙක්ව (ෆොනී) ගේන්න යනවා.
      ලංකාවේ ගොබ්බ ජනතාව පාඩමක් නමි ඉගෙන ගන්නේ නෑ.

  2. නරේන්ද්‍ර දාමෝධර්දාස් මෝඩි says:

    නෙඩුන්තීවු දූපතත් ඉන්දියාවට 🤗 තැන්ක්‍යු ගෝටා බ්‍රෝ ලව් යූ ❤️

  3. Hora Gudda says:

    This is really sad for SL’s ordinary honest respectable people, Ranil is a good friend of Rajapaksas. As most commentators to this New Column say, appointing the Loser, Extreme Liberal, Bank Robber, and Corrupt robber who Safeguarded Rajapaksas’ criminal stealing and embezzling of poor Lankans’ money, if appointed as PM of SL, then he will safeguard the ‘Hora Rajapaksa Kalliy’ thefts and criminally stolen money and assets of poor SL people. If Rani is appointed as PM, the bloody Loose, then Mahinda big hora and other Rajapaksa and Phottu horas will be very Safe.

  4. ඇල්වතූර says:

    උන්ටික කොළඹ ගෙනාවනම් නිකං කතා බිබී ආතල් ගන්න තිබ්බා.

  5. atta says:

    ගෝල් පේස් ගෙනෙමු. සෙනග ගොඩයි.

Main News