ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

June 18, 2019 at 12:40 pm | lanka C news
ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

දිගු කළක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මි‍දී රුපියල යළි ශක්තිමත් වෙමින් තුබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ඨතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය අප මාතෘ භූමිය වසර ගණනාවක් ආපස්සට ඇද දැමූ නමුත් ජාතින් අතර සමගිය සහජීවනය තුළින් එම අභියෝගයන් ජය ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට‌ පක්ෂ විපක්ෂ සහය ලැබීම පටු දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එකඟත්වයකට පැමිණි වැදගත් අවස්ථාවක් බවත් එතුළින් අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ජනිතකර ඇති බවද කරු ජයසූරිය මහතා පැවසීය.

ඊළඟ පරපුරට අප විඳි අමිහිරි අත්දැකීම් වලින් තොර නිදහස් සමෘධිමත් දේශයක් උරුම කර දීමට මෙම ප්‍රවේශය තුළින් හැකිවනු ඇති බව තම විශ්වාසය බවද හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ දියුණු සෑම රටක්ම අත්පත් කරගත් ජයග්‍රහණ පිටුපස තිබෙන රහස ජාතික හා ආගමික සමඟිය තුළින් ගොඩනැඟූ තිරසාර ජාතික ප්‍රතිපත්ති යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කෙටි කළකින්ම ත්‍රස්ථවාදය අකර්මණ්‍ය කිරීමට හැකි වීම සහ එහි දී මුස්ලිම් ජනතාව ත්‍රස්ථවාදයට එරෙහිව ලබා දුන් සහාය අගය කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගෙ‍ාඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන ලද හතරවන විශේෂ දිසා මහා සමුළුව අමතමින් කථානායකවරයා මෙම අදහස් පල කරන ලදී

– කතානායක මාධ්‍ය අංශය

67 views

29 Comments to “ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක”

  1. Dilshan says:

    කලාපයේ ආර්ථික සංවර්ධනයෙන් අපි හිටියෙ ඇෆ්ගනිස්තානට උඩින් පමනයි.කලාපයේ අන්තිමයට කලින්.කොහොමද එහෙම දියුනුවක් තිබ්බෙ.

  2. one shot says:

    අපේ ජෝන්ගෙ උදව්වෙන් අමාරුවෙන් නග්ගගන ඉන්නකොටම මුං ගැහුවනෙ බෝම්බෙ.දැන් ඉතින් ව්‍යාඝ්‍රය නෙමෙයි කොල දිවිය ආවත් නග්ගනව බොරු,බැස්ස බිංදුවටම​.

  3. මුට අර පයිත්තියන් says:

    යකෝ දේශපාලන ආර්ථික ආගමික හැම අතින්ම කෙලවලා තොපි තොප්පි දම්න් ගමට කෙළ්ය හැටි අපි දැක්කා.

  4. Loku Ayya says:

    මේ වගේ මැන්ටලයන්ට බැණල පච් පුරව ගන්නෙ ඇයි. රටක් ජාතියක් එකක් තියෙනව කියල නොදන්න උන් රටේ ආර්ථිකේ කියල හිතන්නෙ උන්ගෙ ආර්ථිකේ. ඒකයි මේ අවුල.

  5. රත්නසිරි මුදලිගේ says:

    ආර්ථික ප්‍රශ්ණ නිසා මිනිස්සු පවුල් පිටින් සියදිවි නසාගන්නව. ළමයි මන්දපෝෂණයෙන් මැරෙනව. ලංකාවත් දැන් ඉතියෝපියාවක් වගේ වෙලා. ඒ මොනව උණත් මෙ ඉවගේ රට කන බල්ලන්ගෙ ආර්ථිකයනම් දිනෙන් දිනම දියුණු වෙන්න ඇති.

  6. siri says:

    ITS LOOK LIKE MANTAL ,THTS NATURAL..

  7. Ratnamalala says:

    අනේ මේ වගේ කුණු ගොබ්බයො. රට කඩා වැටුනේ දිණ 52කේ රාජපක්ෂ පාලනය නිසා කියල මුන් වේලාසන පච කෙලියේ.