ආර්ථිකය හදන සැලසුම හර්ෂ එලිදක්වයි.. ආණ්ඩුවට යනවාදැයි කියයි..

August 12, 2022 at 2:10 pm | lanka C news
ආර්ථිකය හදන සැලසුම හර්ෂ එලිදක්වයි.. ආණ්ඩුවට යනවාදැයි කියයි..

‘ආර්ථිකය හදන වැඩපිළිවෙළ අද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන්න’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී.

“රටේ ආර්ථිකය ගොඩනගන දෙස් විදෙස් විශ්වාසය දිනාගත හැකි ආර්ථික වැඩපිළිවෙළක් මා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මා සකස් කළේ මාස ගණනාවක් පුරා විද්වතුන්, විශේෂඥයින්, වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල අනුමැතියත් ලැබී තිබෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක්.

ඒ තුළින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන පසුව දේශපාලන පක්ෂ ලෙස අපිට මැතිවරණයකට යා හැකියි. මා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වැඩපිළිවෙළ අනුගමනය කළ හැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ට අවංකව සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි සහයෝගයක් ලබාදෙන්නේ නම් අපිට දෙස් විදෙස් විශ්වාසය දිනාගනිමින් මේ අභියෝග ජයගැනීමට හොඳ පදනමක් හදන්න පුලුවන්.

එහෙම නැතිව ඇමතිකමක් ගන්න ආණ්ඩුවට යන්න මට අවශ්‍ය නෑ. මම එහෙම කරන්නෙ නැත්තේ ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි නිසා. මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා”

67,828 views

12 Comments to “ආර්ථිකය හදන සැලසුම හර්ෂ එලිදක්වයි.. ආණ්ඩුවට යනවාදැයි කියයි..”

  1. niru says:

    Another VW adventure

  2. Rojer says:

    Mr Big talks no action?
    What about the foot notes?
    If you got good ideas and methodology why wait? Already 6 moths gone but couldn’t do a little thing to improve the country
    This is the time

    • country man says:

      Big talk is true. J.V.P. leader has a lot of files and has done NOTHING. This man too, plenty of talk but NO ACTION.

  3. කිරිහාමි says:

    ඔය ආර්ථික සැලැස්ම අපිතත් බලන්න එළියට දාන්න කෝ .අපිත් ආසයි ඕක බලන්න . අනුර ගේ සැලැස්ම නම් මලාට පෙන්වන්නේ නැහැ තියෙනවා කියලා කියනවා විතරයි

    • කසුන් දිසානායක (මිහින් ලංකා) says:

      අනුරට දැන් සැලසුම් ඕනේ නෑ. නොවැම්බරෙන් පස්සේ එයාට නිකංම ජනාධිපති වෙන්න පුළුවන් කියලා හඳහන් කාරයෙක් කියලා තියෙන්නේ මොනම සැලැස්මක්වත් නැතුව. (ආව් ආව් පුංචි අම්මා තමයි එතකොට ෆර්ස්ට් ලේඩි වෙන්නේ, කාටද ආඩම්බර?)

  4. Cosmic ray says:

    අනේ අපිටත් කියන්නකෝ ඔය රටගොඩ නගන ආර්ථික සැලැස්ම පිළබඳ විස්තර ඇතුව පුරවැසියන් ලෙස අපිත් දැනගන්න ආසයි. ඕක අර ෆොක්ස්වැගන් කර්මාන්තශාලාව හැදීම වගේම වැඩපිළිවෙලක්ද?

  5. Harshawardhana says:

    Talk issues only..

  6. Helaya says:

    Please publish it. Other financial experts can give thier views as well. මහජනයටත් අදහසක් ගන්න පුළුවන් සහ නව අදහස් ඉදිරිපත් කල හැකියි

  7. කළු ඇල්බට් says:

    තවත් පුහු කයිවාරුකාරයෙක්

  8. Upul says:

    This guy is another NATO person. No Action, Talk Only.

  9. rawan says:

    ඔය සැලැස්ම මහජනයා වෙත එවන්න. මහජනයා තීරණයක් ගනී

  10. rawan says:

    ඔය සැලැස්ම මහජනයා වෙත එවන්න. මහජනයාගේ අදහස් ලබාගන්න.

Main News