ආර්ථිකය හැසිරවීම ජනපති අතට ගනී.. සියළු කැබිනට් පත‍්‍රිකා ජනපතිගේ අනුමැතියෙන් පමණයි..

February 22, 2018 at 12:40 pm | lanka C news
ආර්ථිකය හැසිරවීම ජනපති අතට ගනී.. සියළු කැබිනට් පත‍්‍රිකා ජනපතිගේ අනුමැතියෙන් පමණයි..

ලංකාවේ ආර්ථික කළමණාකරණයේ ප්‍රමුඛ ආයතනය ලෙස ජාතික ආර්ථික සභාව (NEC) කටයුතු ආරම්භ කරයි.

ආර්ථික සභාවේ නායකත්වය දරන්නේ ජනාධිපති වන අතර, මෙතෙක් අගමැති විසින් සභාපතිත්වය දැරූ ආර්ථික කළමණාකරණය සඳහා වන කැබිනට් කමිටුවේ (CCEM) බලය සීමා වීමත්, ඊට ඉහලින් ආර්ථික සභාව පැමිණිමත් සිදු වනු ඇත.

එමගින්, කැබිනට් පත්‍රිකා තමාගේ මතයට අනුව සැකසීම සඳහා අගමැති විසින් ගෙන ගිය ක්‍රියාවලිය අඩපණ වනු ඇත.

සියලු කැබිනට් පත්‍රිකා ජාතික ආර්ථික සභාවට ලැබෙනු ඇති අතර, ඒවා පිළිබඳ ජාතික ආර්ථික සභාව මගින් සම්පාදනය කරනු ලබන නිර්දේශ, එහි සභාපති වන ජනාධිපතිගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

තවද, අගමැතිගේ කැබිනට් කමිටුවේ තීරණ, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර, නැවතත් ආර්ථික සභාවේ නිර්දේශ සමැතිවරණ සමයේ කියූ පරිදි, ජනාධිපති ආර්ථිකය කළමණාකරණයෙන් වැඩි කොටසඳහා ඉදිරිපත් කළ යුතු වේ.

මැතිවරණ සමයේදී, ජනාධිපති ප්‍රකාශ කළේ, ආර්ථික කළමනාකරණයෙන් කොටසක් තමාගේ අතට ගන්නා බව යි.

එය සිදු වන්නේ මේ අයුරින් ජනාධිපති ප‍්‍රධාන අගමැති සහ මුදල් අමාත්‍ය සිටින ජාතික ආර්ථික සභාව මගිනි.

– PMD

47 views

19 Comments to “ආර්ථිකය හැසිරවීම ජනපති අතට ගනී.. සියළු කැබිනට් පත‍්‍රිකා ජනපතිගේ අනුමැතියෙන් පමණයි..”

  1. Anita says:

    Yes our HE is a economist who having PHD polonnaruwa and having very good idea of managing economy even in USA.
    Now no worry.

  2. අතට ගනී. says:

    එහෙනම් කොරයි. අතේම තමා වනවන්න වෙන්නේ. පළාත් සැබෑ චන්දෙදි වගේ වේවා.

  3. ගුණේ අයියා says:

    එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිවුවලු… ඔහොම යං… ඔහොම යං

  4. Batakola achchi says:

    Ayiyo hama…….wa, Oka dipan ata pas lamayekuta. yako kiparak kiwuwada dipan oka ata pas lamayekuta. rate ithuru tikath kanne nathuwa.

  5. Raawana says:

    onna ohomayi yanna awashya

  6. අබරා says:

    මගේ රටට අබ සරණයි.

    රටක් පාලනය කරගන්න බැරි මිනිහට පුලුවන්ද රටක ආර්ථිකය හසුරුවන්න….

Main News