ලංවිමට සල්ලි නෑ.. විදුලි සැපයුම අර්බුදයක බව රජය කියයි..

September 16, 2021 at 10:02 pm | lanka C news
ලංවිමට සල්ලි නෑ.. විදුලි සැපයුම අර්බුදයක බව රජය කියයි..

අද වන විට ලංකා විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නේ යැයි විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම තත්වය ඇතිව තිබෙන්නේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල් ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් බවත් පැවසූ ඔහු බිල් ගෙවීමට පාරිභෝගිකයන් උනන්දු කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද කියා සිටියේය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා.

දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. 12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව.

අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි’

41,764 views

24 Comments to “ලංවිමට සල්ලි නෑ.. විදුලි සැපයුම අර්බුදයක බව රජය කියයි..”

  1. නාකි මෛණුන්ට වැල says:

    ඕව වැඩක් නෑ. පුස්පිකාට එල්ලුම්ගහ පෙන්නුවනේ. ඒ මදිද?

  2. Ratawesiya says:

    First stop waste, corruption and unnecessary expenditures in the electricity board.

  3. malraj says:

    pawe neda mun.. hitan..

    • Spirit says:

      පාලම් වලට අධික ලෙස විදුලිබල යොදා ආලෝක කරන්න ..සංචාරකයින් සතුටු කරන්න ..ජනතාවට ලයිට් බිල් වැඩිකරන්න ..කාටද ආඩම්බරේ පොහොට්ටුවට නේද ?පවුල් පිටින් විදෙස් සංචාරය කරන්න …පුළුවන් තරම් ජනතාවට බදු අය කරන්න .. රටේ ජාතික සම්පත් වෙන්දේසියේ ,.සල්ලි නැත්තේ කුමක් නිසාද ? ඒ මුදල් වලට සිදු වන්නේ කුමක්ද ? පසුගිය යහපාලන ආණ්ඩුවේ හොරු අත්අඩංගුවට නොගන්නේ මන්ද ?මහා බැංකු මගඩියේ හොරු නිදැල්ලේ , මහා හොරා දැන් පාර්ලිමේන්තුවේ ..ඔහු ජනතා ජන්දෙන් පැරදුනු ,ජනතාව ප්‍රතික්ෂේප කරපු නරුමයෙක් නේද ?රට තව තවත් අගාදයට යන තුරු හෙලයිනි බලා සිටපල්ලා …අපේ රටේ දේශපාලකයෝ ඔක්කොම බොරු කාරයෝ ..ජනතාව මුලාකර බලේ සිටිමින් සැප විදි

  4. අන්තර්ජාතික says:

    ගරු මහින්දානන්ද අමාත්‍යතුමා කියුවා මේ කොරෝනා ප්‍රශනය ඉවරවෙනකම් ලයිට් බිල් ගෙවන්න එපා. වතුර බිල් ගෙවන්න එපා, නය වාරික ගෙවන්න එපා වගේ දේවල් ඉතින් තාම කොරෝනා ප්‍රශනය ඉවරවෙලා නෑනේ. ඉතින් මේ unp යෙන් මෙහාට පත්වෙච්ච මේකා කොහොමද කියන්නේ බිල් ගෙවන්න කියලා. මු රජය අපහසුතාවට පත් කරන අන්තර්ජාතික කුමන්ත්‍රණයකට අහුවෙලාද කියලා අපිට හිතෙනවා.

    • ගෞම් ඊයාරාජ් says:

      මහින්දානන්දයා කියපු බොරුවලට පිටරටින් ඩොලර් එක ගානේ ගෙව්වනං අද ඩොලර් සංචිත ඇ.ඩො.බිලියන 100 ට ත් එහා පැනලා… 😂😂😂

  5. Lokugay says:

    boru epa.minissu salli gewanawa

  6. ගෞම් ඊයාරාජ් says:

    මේ රටේ මිනිස්සුන්ට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා , අපි ලයිට් බිල් ,වතුර බිල් ,පෙට්‍රල් ටික ,ඖශධ ටික රෙඩි කෑශ් දීලා පියවනවනං සහ ගෙවනවනං . ඇයි මේ රටේ ඉහල ලාභ ලැබිය යුතු ආයතන , බිලියන ගනං පාඩූ ලබන්නේ. උබලට ආර්ථික විද්‍යාව පැත්තකට තියලා සරල උත්තරයක් ඕකට දෙන්නනං , වැදගත් වියාපාර කරන පවුලක එක සල්ලලා , බේබදු ,සුදු කෙලින එක කාලකන්නියෙ ඇති අර පවුලම නැතිකරලා දාන්න සහ පාරට බස්සන්න. රොකට් සයන්ස් ඔන්නෑ , උබලා දුක් මහන්සියෙන් හම්බ කරලා ගෙවන බද්දට , රට විරුවො මැරිලා ගේන ඩොලර් ටිකට , කකුල් කැඩෙනකං මැශින් පාගලා රටට ගේන ඩොලර් ටිකට , කෙලින සෙට් එකක් ඉන්නවා ,උන්ගේ අමූ ආතල් එක ගන්න. අර සුදූකාරයට සල්ලි දෙන දෙමව්පියො වගේම තොපිත් වග කියන්න ඔනේ ඔය හොරුන්ට චන්දේ දීලා පත්කරගත්තට. ✌✌

  7. Wimalasurendra says:

    why did not you think of these problems when you increased your salaries by 25% in the middle of Corona crisis.

  8. ඉඩකඩම් වංචනිකලෙස විදේශිකයන් අතට පත්කරමින් සිටිනු නිරීකෂණය කරනු ලබයි! says:

    විදුළිබළ මාෆියාව රාඡපකෂ පිහිටන් දිගටම ක්‍රියත්මකයි,.!
    බොරතෙල් මිළ පහළ යන අවස්ථාවල ලාභදායි මිලට බොරතෙල් රැස්කරගැනිමට ශ්‍රී ළංකාවට තිබෙන්නාවූ අනර්ගතම සම්පත, ගබඩා සංකීර්ණය “ත්‍රීකුණාමල තෙල්ටැංකි සංකීර්ණය සහිත ත්‍රීමලය වරාය කොමිස් මුදලට ගිඡිව නැවත පවරාගැනිමක් නොකරනු ලබන්නේ රාඡපකෂ පවුලට ඉන්දියාව තුළින් ලැබෙනා කොමිස් කුට්ටි, සහ ක්‍රයාත්මක කිරීමට කුමන්ත්‍රණය කරනා ” ඵම් සී සී ” වියරැව නිසාවෙනි,!
    ව්‍යාප්‍රතියට අදාළ වන්නාවූ කොළඹ පිහිටි ඉඩකඩම් වංචනිකලෙස විදේශිකයන් අතට පත්කරමින් සිටිනු නිරීකෂණය කරනු ලබයි!

Main News