ආර්ථික අර්බුදය විසඳා ගන්න දකුණු කොරියානු සහාය….

June 17, 2022 at 2:13 am | lanka C news
ආර්ථික අර්බුදය විසඳා ගන්න දකුණු කොරියානු සහාය….

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් (Jeong Woonjin) මහතා කියයි.

16 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් වුන්ජින් මහතා මේ බව සඳහන් කළේය.

පසුගියදා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් (Yoon Suk-Yeol) මහතාට සහ ඔහුගේ පක්ෂය (People Power Party) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපතිතුමා සුභාශිංසන එක් කළේය. දෙරට අතර 45 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා දකුණු කොරියානු රජය නිරන්තරයෙන් මෙරටට ලබාදෙන සහාය අගයනු ලැබීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට දකුණු කොරියානු රජයේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පැවසීය.

මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයේජනය සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

28,335 views

6 Comments to “ආර්ථික අර්බුදය විසඳා ගන්න දකුණු කොරියානු සහාය….”

  1. Gamini Senadira says:

    ඔන්න දැන් රනිල් නැවත දකුණු කොරියානු තානාපති සමග සාකච්චා කර කියනව අපිට දකුනු කොරියාවෙන් ආධාරදෙන්ඩ එකග උනා .එතුමා මට පොරොන්දු උනා කියල . අපිට පේන්නේ ජනාධිපති සහ රනිල් අතර තරගයක් වගේ .රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක් උනත් අගමැතිකම ආරක්ශාකර ගැනීමට පොරක් කියල පෙන්නන්ඩ හදනව දැක්කම පවු කියලත් හිතෙනවා ..ජනතාව ප්‍රතික්ශේපකරපු කරපු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දූරයක් ගත්ත මිනිහෙක් ජනතාව පිලිගන්නෙත් නෑ ජාත්‍යන්තරය පිලිගන්නෙත් නෑ .නිකම් පෙට්‍රල් පුච්චනව .

  2. S. Vitharana says:

    බල්ලන්, බලලුන්, නයි, පොලොං ආදී සියලුම සතුන් මිනිස් අහාරයට ගැනීමට පටන් ගත යුතුයි.

  3. 3% ට බය බයියා. says:

    ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන ,සහලින් ස්වංපෝෂිත කර ,වෙළඳ මාෆියාව පරාජයට පත් කර ,ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  4. Piyadasa Yalagala says:

    The crux of matter is Rulers of Ruling classes and thier political parties do not have grand Vision of Industrail and Agricukter rane of policies since 1956 . The UNP as political Party has destroy entire Induatrial and Agricclture by way UNP has not single set policy of that Nationl building no longer there since 1948 .

  5. Piyadasa Yalagala says:

    The crux of matter is Rulers of that Ruling classes and thier political parties of UNP Do Not have grand Vision of Industrail and Agriculture range of policies since 1948 . The that UNP as political Party has destroy entire Induatrial and Agricclture of set policies Island; by that way of UNP has not a single set policy of that by Nationl building , no longer think about Natioanl Policies there, since that 1948 by under UNP..
    Gotagaya R….has Not that simple knowledge by Nation building. By the way of Ignorance of knowledge of that GR , that politics and Eonomic system of concern, he lack of wiseline of thinking as such leaders of Island.
    We DO wanted such leaders in the helm of Island State in 21st century…
    The Island like us that Sri Lankans has lost such ledership since 2019 November 16 mandate….under that SLPP by GR, MR and BR of that Family clan of Rajapakese’s of that missteps wrong governacs by majority citizens who had been trust & misled milions of our Republic. …since 2019 Novemer 16..?
    The country lost that we are no whrere under that New GR & RW of joint operation

  6. බබක්ක says:

    සහය දෙනව කියල කීයක් හරි දෙයි
    රැකියා ටිකක් දෙයි
    එදා වේල විසඳුම්
    යන්තම් සති කිහිපයක් ඇදගෙන යන්න ඇති වේවි