ආර්ථික අර්බුයද දරුණුයි… පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…

December 8, 2021 at 3:00 pm | lanka C news
ආර්ථික අර්බුයද දරුණුයි… පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…

ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය දෛනික ආදායම උපදවා ජීවත් වන පහලම පන්තියේ ජනතාවට ඉතා දරුණු ලෙස දැනෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මින් පෙර කිසිදු පෙර කිසි දාක සොරකම් නොකරන ලද එම ඇතැමුන් පවා දැන් සොරකම් කිරීමට පෙළඹී ඇතැයි ද ඒ මහතා පැවසීය.

සොරකමේ ගොස් අත්පා කැඩුම් බිඳුම් තුවාල සහිතව 36 දෙනෙකු ප‍්‍රතිකාර ගැනීමට පැමිණි පැමිණ තිබූ බවත් ඒ කිසිවෙකු පලපුරුදු සොරුන් විය නොහැකි බවත් මෑතක දී තමන් සමග වෛද්‍යවරයකු පැවසූ බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඒ පිරිස වෘත්තීමය සොරුන් නොවුනද ආර්ථික අර්බුදය හේතුවෙන් කර කියාගත දෙයක් නොහැකිව සොරකමේ ගොස් ගොස් තිබූ අය බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි වැඩසටහනකට සාකච්චාවකට එක්වෙමිනි.

45,413 views

5 Comments to “ආර්ථික අර්බුයද දරුණුයි… පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…”

  1. බිංකුණ්ඩා says:

    දැනුවත් කලාට බොහොම ඉස්තූතියි මංතිරිතුමා… අපි මොනව හරි කරන්න බලන්නම් ලබන චන්දෙදි

  2. Jagath says:

    බඩගින්න කාටත් පොදුයි. හොරකම් කරලා සැපට ඉන්න උන්ට ඕවා දැනෙන්නේ නෑ 😭

  3. Gorilla says:

    රජයක් විදිහට කරන්න ඔනේ පුලුවන් තරම් වගා කරවල කන බොනදේවල මිල අඩු කිරීමයි නැතුව ඔගැනික් කියල … දෙන එක නෙවෙයි. ජනතාව කනබොන විදිය නොදත් පාලකයින්ට ඔවා තේරෙන්නේ කොහොමද ඉතින්?

  4. Jayanath says:

    දුප්පත්කම් වලට අඟහිඟ කම් වලට විසඳුම හොරකම නෙමේ. මේ රටේ ඕනම තරම් ක්‍රම තියෙනව ජීවත් වෙන්න හොරකම් නොකර. හැබැයි මහන්සි වෙන්න ඕන. කම්මැලි කමේ ඉක්මනට පෝසත් වෙන්න ගියාම ඔහොම වෙනව.

  5. පුරවැසියා says:

    පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…
    පළපුරුදු හොරුන් 225ක් පත්කරලා තියන්නේ
    උන්ගෙන් ඉගනගත්ත තව සෙට් එකක් .සභාපතිලා .මහා ඇමතිලා වගේ ඉන්නවා
    උන්ට සහයට තව පිරිසක් පහලින් ඉන්නවා
    ඔය ඕන එකෙක්ගෙන් අහගෙන පළපුරුද්ද ඇතිකරන්න අවස්ථාව තියද්දි
    මොන එකකට අත පය කඩගනනවද ..

Main News