ලෝකයම දිනා අගහරු ලෝකයත් දිනන්න ආසන්නයි.. ශ‍්‍රී ලංකාව ලෝකයේ නීලකාස හොරුන්ගේ ලයිස්තුවට.. යුරෝපයේ බ්ලැක් ලිස්ට් කරයි..

February 9, 2018 at 10:00 am | lanka C news
ලෝකයම දිනා අගහරු ලෝකයත් දිනන්න ආසන්නයි.. ශ‍්‍රී ලංකාව ලෝකයේ නීලකාස හොරුන්ගේ ලයිස්තුවට.. යුරෝපයේ බ්ලැක් ලිස්ට් කරයි..

යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.

යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය සදහන් කරන්නේ බ‍්‍රසල්ස්හි පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවේදී 07 වැනිදා පැවති ඡන්ද විමසීමකදි ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කරන ලද බවයි.

එහිදී ශ‍්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ යන රටවලද එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී මෙම රටවල් අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්දය 350 ක් හා විරුද්ධව ඡන්ද 283ක් ලැබී ඇත.

යොමුව මෙතනින්

127 views

14 Comments to “ලෝකයම දිනා අගහරු ලෝකයත් දිනන්න ආසන්නයි.. ශ‍්‍රී ලංකාව ලෝකයේ නීලකාස හොරුන්ගේ ලයිස්තුවට.. යුරෝපයේ බ්ලැක් ලිස්ට් කරයි..”

  1. නෙලුම් කුළුණ! says:

    නෙලුම් කුළුණ…
    ඔය තියෙන්නේ චන්ද ලකුණ

  2. Sadda says:

    සිංහල ජනතාවට එකකුයි දෙමල ජනතාවට තව එකකුයි කියා රවටන මේ ආණ්ඩුවට හැමදාම මිනිස්සු රවටන්න බැහැ . මේ ආණ්ඩුවේ පරස්පර ප්‍රතිපත්ති තේරුම් ගන්නා විට මුළු ලෝකයටම මුන් එපාවෙන දවස ඉතා ලගයි. ඒකට කියන්නෙ දොන් නම් දොන් සිමන් නම් සිමන් . දොනුයි සිමනුයි දෙකම බැහැ කියලයි.

  3. indunil says:

    wasara thunai-ratama ewarai”””””’

  4. සිංහලයෙනි ! says:

    සිංහලයෙනි නෙලුම් කුලුන සමාජගත කරන්න. මාතෘ බිමේ වගකීම එයයි…

Main News