ආර්ථික කමිටුව අහෝසි කරන්න එපා.. එජාප ලොක්කෝ ජනපති හමුවේ හඬා වැටේ..

March 2, 2018 at 12:00 pm | lanka C news
ආර්ථික කමිටුව අහෝසි කරන්න එපා.. එජාප ලොක්කෝ ජනපති හමුවේ හඬා වැටේ..

රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබූ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි නොකරන්නැයි අගමැතිවරයා සමග එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලිමක් කර ඇති බවට වාර්තා පලවෙයි.

28 වනදා රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර යන ඇමතිවරුන් යයිද වාර්තාවේ දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් ගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයේදී සදහන් කරන ලද්දේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමටයි.

කෙසේ වෙතත් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරන්නේ එම කමිටුව අහෝසි කිරීමක් සිදු නොවන බවත් එහි කාර්යන් අඩු කිරීම ගැන පමණක් සාකච්චා වූ බවත්ය.

3 views

5 Comments to “ආර්ථික කමිටුව අහෝසි කරන්න එපා.. එජාප ලොක්කෝ ජනපති හමුවේ හඬා වැටේ..”

  1. බන්ඩා says:

    මෙහෙමත් රටක්. පත්තර කාරයෝ හිටං ගෙ වචන වලට අෟන පූර්න එකත් කොරනවද?

  2. Upali says:

    අනේ මොවුන්ගේ ආර්ටික කමිටු.ඕක දාපු දවසේ ඉඳලා කරපු එක පලදායී වැඩක් කියන්න.අපරාදේ තවත් වියදමක්.ගමේ වත්තේ වැටි වැටී කුනුවෙන අඹ කජු කොස්ඇට ඕන තරම් තිබියදී රට ගියාම ලොකයේ වෙනත් පොඩි රටවලින් ටින් කර එවන ඒවාම කකා කොක්හඬ දිදී ස්කොච් විස්කි ගහන අපේ අමන දේශපාලුවෝ කී දෙනෙක් “දල දේශීය නිශ්පදනය” මොකද්ද කියලවත් දන්නවාද. ඔවුන් දේශීය නිශ්පාදන අවම කරමින් , හාල් පොල් එලවලු මස් පවා ගෙන්වමින්, රට හදන කාර් වල ගොස්, රට හදපු ගෘහ බාන්ඩ සැප පහසුකම් පමනක් බලාපොරොත්තුවෙන් කරන සෑම අමන දෙශදෝහී වැඩවලින් දසමයෙන් දසමය එය පහලට යන බව නොදන්නවා නම් පාර්ලිමේන්තුවේ පුශ්තකාලෙට ගිහින් පොතක් කියවලා වත් එය නිවැරිදි කරගන්න බැරි නම්, තමන් කරන පවු වල තරම වත් දැන ගන්න. ඒක හොඳයි මලාම යන ලෝකෙකෙට වත්.

  3. Aurora says:

    කොඳුරුතෙල් හිඳින රනිල්ගේ ආර්ථික කමිටුව.
    එහෙම නැතිනම් සීතාම්බර සළුව වියන රනිල්ගේ ආර්ථික කමිටුව.
    එහෙමත් නැතිනම් රාජා හෝ මා හෝ ගංගා හෝ මතුරන රනිල්ගේ ආර්ථික කමිටුව.
    ඊළඟ චන්දෙ එනකම් මතුර මතුර ඉදී.

  4. Ratawesiya says:

    Janadipathita wanda wanda hitiyata wade kerenne naha. American thanaapathitai, Indian maha comasaaristai kiyala janadipathita kiyewuwanam wade hariyatama hariyaawi.

Main News