ආර්ථික තත්ත්වය හරි ගියාම යලි සංවර්ධනේ අරඹනවා..

June 17, 2022 at 6:20 am | lanka C news
ආර්ථික තත්ත්වය හරි ගියාම යලි සංවර්ධනේ අරඹනවා..

නාගරික ප්‍රදේශ 50 ක් සදහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග  මහතා පවසයි.

එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට අපේක්ෂිතයි.

නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍ර දේශ ජාතික හා පළාත් මට්ටමින් ආර්ථික, සමාජයීය හා භෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් කඩිනම් සංවර්ධනයක් සිදු කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති ප්‍රධාන කාර්යයක් වේ. ඒ අනුව දැනටමත් නාගරික ප්‍රදේශ 26 ක් සදහා නගර සංවර්ධන සැලසුම් හදුන්වා දී තිබේ. මෙලෙස හදුන්වා දී ඇති නාගරික සංවර්ධන සැලසුම් පළාත් පාලන ආයතන 34ක් ආවරණය වන පරිදි සකස් කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

ඒ අනුව හක්මන, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, අනුරාධපුර, මිහින්තලේ, පොළොන්නරුව, කුරුණෑගල, මහව, කල්පිටිය, නුවර, ඇල්ල, බදුල්ල, කතරගම, මන්නාරම, මොරටුව, මීගමුව, කැළණිය, බියගම, කළුතර, බේරුවල, නින්දවූර්, කන්තලේ, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා දෙහිවල, ගල්කිස්ස මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නගර සංවර්ධන සැලසුම් වේ.

2024 වන විට මෙරට නාගරික ප්‍ර දේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති සියලු නගර සදහා සංවර්ධන සැලසුම් සකස් කර ප්‍රකාශයට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. මෙරට නාගරික ප්‍ර දේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති නගර සංඛ්‍යාව 136 කට අධික වේ.

රටතුළ මේ වන විට පවතින ආර්ථික තත්ත්වය යහපත් වු වහාම රජය විසින් ක්‍රියාත්මත කිරීමට සැලසුම් කර තිබු සියලු සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථික අර්බුදය කළමණාකරණය සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ඒ අනුව ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් වනු ඇති බවට ද රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

28,723 views

52 Comments to “ආර්ථික තත්ත්වය හරි ගියාම යලි සංවර්ධනේ අරඹනවා..”

  1. Banda says:

    Kappama……..

  2. Sarath says:

    හා, හොදයි. අපි එතකන් බලන් ඉන්නවා. ඊට ඉස්සර තෝ හිරෙ පල

  3. දරපාන් says:

    සංවර්ධනේට කියන තවත් නමක් තමයි ගසාකෑම

  4. Lakraj amarasinghe says:

    දවසේ හොදම විහිලුව 🤣🤣🤣🤣

  5. Lalla says:

    කප්පම්කාරයෙක් කැබිනට් ඇමතිකමක් දරන එකම රට ලංකාව විය යුතුයි. මෙවැනි රජයකට කොයි ආණ්ඩුවද ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වෙන්නේ.

  6. Ushan says:

    Thopi thawath sanwardanaya karanna epa wall ballo.me mada polin wala Enna tharam.thwath koroth mihudata paninna thmai wenne.

  7. Udara says:

    ඔව් ඔව්, තොපිලා හරියට සංවර්ධනය කොලානෙ මෙච්චර කල්…. 😏

  8. Anynomous says:

    Thope sanwardane karaganna try kala hati apata matakai. Thita pudima amaruwakne thibbe pahugiya kale mahajana salli walin thope gewal hadaganna….thopi wage ewun nisa thama apata ada kanna bonna netiwa wedata yana eka whane kese wetat bus ekakawath yanna widihak nette. Mona redda wunat thopi aduma gane thel tikakwat itiri karala podi wahanayakawath yanwada. Nene. Thopi yana wahaneth ratata barak… uba rate sanwardane kese wetat ube sanwardane karagattane. Dan tawat me ratata ape daruwonta kelinna enne netiwa tholonchi weyan

Main News