ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..

May 13, 2021 at 12:00 pm | lanka C news
ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..

ආර්ථික පුනර්ජීවනය සහ දුප්පත්කමත් තුරන් කිරීම ඇතුළු රටේ ජනතාවගේ වගකීම භාර දුන් නායකයන් කොරෝනා වසංගතය හමුවේ ජනතාව අතරමං කර දමා විදේශ ගත වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය මැතිවරණ කාලවලදී නිරතුරුවම ජනතාව සමඟ සිටි මෙම අය රටට නායකත්වයක් අත්‍යවශ්‍යව ඇති මොහොතක ජනතාව අතරමං කර රටින් පළා යාම ගැන කිසිදු ජනතා ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී තිබුණද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

තමන්ට භාරකාරත්වය ලබා දුන් ජනතාව අතරමං කර රටින් පළා යනවා වෙනුවට ජනතාව සමග රැඳී සිට දුක සැප බෙදාගෙන ජනතාව රැක ගන්නා ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

32,751 views

36 Comments to “ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..”

  1. Langadeema Paul pitin yayi. ennA lebunoth. Ewith. Polawata wenadala Weda patan ganiyi. Sure yanawa

  2. Boris says:

    Hey damn fools, which means nobody can talk the reality. What Sajith said was absolutely right. These moronic buffaloes can never realize the ground realities. Who is Basil? He is just a cartoon character, good for nothing! A big showoff &a cardboard hero. Let him go & hey lost in US. Who cares?

  3. Saradiel says:

    මෙයා තමයි අර ඉන්දියාවේ කාන්තාවකට මහත්තයා කියා මැතිසබේ හදුන්වා දුන් මෝඩයා තව මොන කතාද?

  4. TNA says:

    He is the future savior of the nation. If we lose him no one here to replace the vacancy

  5. Darshana abayakoon says:

    මුට රට ගියා නම් මේ වෙනකොට අඩු තරමෙ ලක්ශයක් වත් පොසිටිව් වෙලා, දවසට 20ක් වත් මැරෙනව මේ වෙනකොට. රටේ වාසනාවට මූ පරාද වුනේ.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා මටනම් මේ ආණ්ඩුව යටතෙ කොරෝනා වලින් මැරුනත් අවුලක් නෑ.

  6. Puncha says:

    Mole amaruwata beheth karaganna puluwan ratkata meya yawanna. Pissu thadawela.
    Meya baye athi Citizenship eka ain karaganna giyada kiyala.

  7. assanga says:

    This bastard shall take the responsibility o fthe current situation of the country people shall rally round and stone this bugger for the damage done helping Rajapkasas for power

  8. A lanka says:

    Yeh right so u think he is that important ? Why ? Is he member of a parliament? No so why bother & u people are so bloody pathetic. Get your facts straight unlike u lot we don’t care whether he is in Sri Lanka or not?

  9. Nimal says:

    ඇ බං බුරැ පුතේ කෝ දැන් උඹ විදේස තනාපතිලාගෙන් ඉලලගත්ත අධාර. අඩුම ගානේ ඉස්පිරිතාලෙකට ෆෑන් එකක්වත් දුන්නද බං?. කෝ අර විපක්සෙට හුස්මක්? උඹයි ලපයයි මරැ බං ආතල් කෝටියයි මෙි වසංගතේ අස්සේ

  10. range says:

    මොන රටේ නායකයෙක් ගැනද මූ කියවන්නේ. මුන් තමා බැසිල් නායකයෙක් විදියට උඩ තියන් ඉන්නේ. රටේ මිනිස්සු උ ගිය එකට හරිම සතු ටින් ඉන්නේ. මුන් වගේ කොන්ද පන නැති උන් නිසා තම බැසිල වගේ උන් රජ කරන්නේ. අපි දන්නා විදියට රටේ නායකයෝ ගෝටා සහ මහින්ද. මුන් ඔක්කොම එකම ගමනක රට හදන්න නෙවි තමන්ට කර ගන්න

    • SKF says:

      උබ ටෙලිපොන් කබ්බෙක් නේද? බැසිල් තමා පොහොට්ටුව හැදුවෙ

Main News