ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..

May 13, 2021 at 12:00 pm | lanka C news
ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..

ආර්ථික පුනර්ජීවනය සහ දුප්පත්කමත් තුරන් කිරීම ඇතුළු රටේ ජනතාවගේ වගකීම භාර දුන් නායකයන් කොරෝනා වසංගතය හමුවේ ජනතාව අතරමං කර දමා විදේශ ගත වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය මැතිවරණ කාලවලදී නිරතුරුවම ජනතාව සමඟ සිටි මෙම අය රටට නායකත්වයක් අත්‍යවශ්‍යව ඇති මොහොතක ජනතාව අතරමං කර රටින් පළා යාම ගැන කිසිදු ජනතා ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී තිබුණද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

තමන්ට භාරකාරත්වය ලබා දුන් ජනතාව අතරමං කර රටින් පළා යනවා වෙනුවට ජනතාව සමග රැඳී සිට දුක සැප බෙදාගෙන ජනතාව රැක ගන්නා ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

32,751 views

36 Comments to “ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..”

  1. MD says:

    මා දුටු දුෂ්ට කුහක දේශදෝහි බොරුවෙන්ම ජිවත්වෙන්න හදන විපක්ෂයක්,නායකයෙක්.ලැජ්ජයි

  2. MD says:

    ඉපදෙන්න ඉන්න දරුවන්වත් ලෝකයට ණයකරල රට මගුල්ගෙදරක යනකන් අර්ජුන් මහේන්ද්‍ර රැකගෙන හිටියේ අපිද සජිතයෝ.

  3. Mama mee harak bi yek says:

    69 bi – 40 me harak bi = 29 (Andun kundun bi)

  4. Angora says:

    Shut up. We all know the government didn’t perform well this covid wave/ in fact terribly but the The opposition is making stupid statements and not doing anything useful just want to score points and worse they want to see people’s sick and dying and to arouse Ethnic disharmony (see what that Rahuman says ) All politicians just go to hell those in Sri Lanka specially

  5. ගිරිගෝරිස් says:

    ඌ ගිය එකම තමයි හොඳ. එහෙම නතර වුණා නම් රටට ලොකු දෙයක්.

  6. 3% ට බය බයියා. says:

    ඊ ළග පාර පැනලා යන ක්‍රමය අත් හදා බැලිමක්.

  7. Yaka says:

    ඒ මිනිහා ලන්කාවෙන් එන අයට අමෙරිකාව තහනම් කරන්න ඉස්සෙල්ල තම මව් රටට ගියා

Main News