ආර්ථික වර්ධනය 3%ට බැස්සා..- මහ බැංකු අධිපති

July 13, 2019 at 8:40 am | lanka C news
ආර්ථික වර්ධනය 3%ට බැස්සා..- මහ බැංකු අධිපති

2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බවයි.

“ඇත්තවශයෙන්ම 2019 වර්ෂයේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට බැහැ. වසර ආරම්භයේ දී 4% ක වර්ධනයක් අපේක්ෂා කළත් එය 3% ක් දක්වා සංශෝධනය කර තිබෙනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික අස්තමේන්තු අනුව, 2018 වසරේ සිව්වන කාර්තුවෙහි වාර්තා කරන ලද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.8ක වර්ධනය හා සැසඳීමේ දී, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 3.7%කින් හිතකර ලෙස වර්ධනය විය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක හා ඒ ආශ්‍රිත සේවාවන්ගේ වර්ධනය වසර මුල දී අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වීම තුළින් කෙටි කාලයේ දී ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි අතර, මන්දගාමී වූ ගෝලීය වර්ධනය ආර්ථිකයේ මැදිකාලීන වර්ධන අපේක්ෂා සඳහා බලපෑම් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, සමස්ත රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙන්ම අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල සහයෝගයත් සමඟ සංචාරක අංශය යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම මෙන්ම, අපනයන අංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කර ඇත“, යි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

-biz.adaderana.lk

3 views

6 Comments to “ආර්ථික වර්ධනය 3%ට බැස්සා..- මහ බැංකු අධිපති”

  1. George says:

    මෙයට බලපෑ ප්‍රදාන සාදකය රනිල්ගේ මහා බැන්කු මංකොල්ලය. බැන්කු හොරා පන්නමු.

  2. raterala says:

    අවුරුදු හතරට සැලසුම් හැදුවා එක එක නම් වලින් ,බොරුකාර,හොර තක්කඩියා ආරක්ෂාව නැත්නම් තොපි මරන්නෙ ඇඩ්රස් නැති වෙන්න .

  3. prabath says:

    Mewath report gilmat da dannene neda Sajith mahathtayo….Ekalena arthike wardana wegaya dunna mahabanku wartha boru kiuwane …mamahithanne mewath boru warth wennathi …..Bandula Gunawardana mahaththyagen ahala balannako Sajith mahaththayo…

  4. don katugampala says:

    BANKU ADIPATHI RATE ARTHIKE BAHINA THARAMATA SATHUTUYI, LANKAVE ARTHIKE “HI JACK ” KARANNA KOTI DAISPORAVA KATA ARAGENA INNE.

  5. Aurora says:

    2015 ට පෙර විපක්ෂයේ හිටිද්දී UNP නායක රනිල් මහා බුද්ධිමතකු, විද්වතකු, ආර්ථිකය ගොඩනැගිය හැකි සමතකු ලෙස දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනඟා තිබුනා. කෙටියෙන් කිව්වොත් ඔලුවේ තියෙන්නේ අලයක් නොව මොළයක් කියා හතර අතේ කියව්වා. නමුත් අද වන විට රනිල් යනු පට්ට ද්‍රෝහියකු, මහා හොරෙකු, රටක් සහමුලින්ම විනාශකරන්න තරම් හිතක් ඇති අන්ත කලකන්නියකු, අසරණයන්ගේ දුකේදී හිනාවෙන්න පුළුවන් මහා නරුමයකු බව රටට ඔප්පුකරලා ඉවරයි. මොහුට තව මාස හයක් පාර්ලිමේන්තුවේ බලය තිබුනොත් නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.5 ට වඩා පහලට ගෙනෙනවා.

  6. gamarala says:

    ආර්ථික වර්ධනය 3%ට බැස්සා. මේ රජය මහා බැංකු සොරකමෙන්

Main News