සහල්-පොල් රටින් ගේනවා.. එළවළුත් රටින් ගෙන්වන්න සූදානම්…- අගමැති

December 9, 2017 at 10:40 am | lanka C news
සහල්-පොල් රටින් ගේනවා.. එළවළුත් රටින් ගෙන්වන්න සූදානම්…- අගමැති

මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 5.5% අපේක්‍ෂා කලත් නියගය හා ගංවතුර නිසා එය 4.5% තෙක් පහත වැටී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගත වූ වසර තිහිපයේදී දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් සිදුව ඇති බවද සමහර දිස්ත‍්‍රික්කවලට ගංවතුර ගලද්දී සමහර දිස්ත‍්‍රික්කවල පානීය ජලය බෙදීමට සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි.

මෙම දේශගුණික වෙනද ගෘහස්ථ, ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා ඇති බවද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

මෙම දේශගුණික තත්වය නිසා පොල් පලදාව විශාල ලෙස පහත වැටුනු බවත් සහල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වූ බවත් එළවලු නිෂ්පාදනය 30%කින් අඩු වූ බවත් ඔහු සදහන් කලේය.

කෘෂිකර්ම අංශයේ වර්ධනය සෘණ 1.2%ක් බවට පත්ව ඇති බවද අගමැතිවරයා කියා සිටියේය.

මේ හෙතුව නිසා අප්‍රෙල් මාසය තෙක් සහල් හා පොල් ආනයන කිරීමට රජය තීරණය කර ඇති බවද අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් එළවළු ආදිය ගෙන්වීමට උවමනා වුවහොත් එසේ කටයුතු කරන බවත් එහිදී ගොවීන්ට හානි නොවන ලෙස කටයුතු කරන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

37 views

7 Comments to “සහල්-පොල් රටින් ගේනවා.. එළවළුත් රටින් ගෙන්වන්න සූදානම්…- අගමැති”

  1. ඇත්ත says:

    වැව් සියල්ල විදේශිකයන්ට විකුණා එළවලු පොල් සහ හාල් රටින් ගෙන්වන එක රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියයි. හැමොටම ඉංග්‍රීසි උගන්වා සුද්දන්ගේ සපත්තු සුද්ද කරනන යවමු. ආහාර ඉන්දියාවෙන් ගෙන්වමු…මරැ මොළේ රනිල්….

  2. Ranjan says:

    ලැජ්ජයි යකෝ මෙවැනි දේශපාලන්ට චංද දීපු මිනිසුන් ගැන

  3. vishnu says:

    ඒකට හරියන්න අපතයන්ට චන්දෙ දුන්න
    එවුන් රට පටවමු

  4. saman says:

    මහින්දගේ වැරදි නිවැරදි කරන්න අාපු මෛත්‍රී – රනිල් අන්තිමේ පොලුත් පිටරටින් ගෙන්නුව එහෙනන්….මරැ ජෝඩුව…!

  5. Chaina says:

    හම්බන්තොට චීනයට දෙන ගිවිසුම වෙඩි චන්ද 65කින් සම්මතය්. පොදුපෙරමුණ චන්දය දුන්නෙ නඑ. බොරුවට මොර දුන්නට ඖනුත් මේකට කෙමතිවගේ.

  6. පිනා says:

    මරු මචෝ , පුන්නක්කුත් ගෙන්නමු. කිසිවැඩක් කොකර කමු බොමු.

  7. වන්නියලැත්තෝ says:

    ඇයි යකෝ මේ රටට පුටින් වගේ ාද පාලකයෙක් අනෙයනය කරපියව් කො, වැඩේ කම්මුතුයි.

Main News