ආර්ථික වර්ධන වේගය 3.1% ට වැටේ.. වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයයි.. වාර්තාව වහා ඉවත් කර ගනී..

March 21, 2018 at 3:26 am | lanka C news
ආර්ථික වර්ධන වේගය 3.1% ට වැටේ.. වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයයි.. වාර්තාව වහා ඉවත් කර ගනී..

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.

2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.

වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත් කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් මෙය දිගු ක්‍රියාවලියක් බවත් දත්තවල සුළු හෝ අඩුපාඩුවක් නොවීමට තමන් වගබලා ගන්නා බවත් දත්ත නැවත සකස් කර දින දෙකක් හෝ තුනක් තුළ වාර්තාව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– adaderana

127 views

5 Comments to “ආර්ථික වර්ධන වේගය 3.1% ට වැටේ.. වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයයි.. වාර්තාව වහා ඉවත් කර ගනී..”

  1. ගන්ජ බන්ඩා says:

    ගජ මිතුරැ කැල සමග මහ බැංකුව මහ දවල් හොරා කාල රට සංවර්ධනය කල රනිල් අගමැටි කමේ දිගටම තියා ගමු. – කැපුවත් කොල ෆේස් බුක් ඒජාප ක්‍රියා කාරීන්.

  2. Geetha says:

    Me gonbanata therenne nadda mun dennagen ratata melo wadak naha kiyala.Mokata elli elli innawada manda bahirawayo wage.

  3. thilan says:

    Mahinda lankawe nirmanaya karapu supiri danawadaya idiriyata geniyanna hariyata misra arthika kramayak wath karanna bari mey jr premadasa chandrika wage minusu monawa karannada. Mey anduwe minisu paw.

  4. Kings says:

    අර 62 ලක්ෂයට දැන් සතු‍ටුයි වගේ. ආර්ථික ඔස්තාර්ට රට දුන්නෙ ඕකට නේද?

  5. daminda says:

    RATA- HETA APAMANA RINA AGAYAKATA…..?

Main News