ආර්.පී.ජී.උණ්ඩ ඇතුලු පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

January 18, 2020 at 8:02 am | lanka C news
ආර්.පී.ජී.උණ්ඩ ඇතුලු පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ගෙවත්ත වලදමා තිබූ ආර්.පී.ජී. උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවු බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඉඩම් හිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ ඉඩමේ වලදමා තිබූ පුලාස්ටික් කෑනයක් මතුවූ අවස්ථාවේදී එය පරික්ෂා කිරීමේදී ආයුධ ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනුවත් කල බවටයි.

අදාල ස්තානයට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පැමිණ පරික්ෂා කිරීමේදී මෝටාර් උණ්ඩයක්, බිම් බෝම්බයක් හා තවත් පුපරණ ද්‍රව්‍ය තොගයක් එහිදි තිබි සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.

මෙසේ හමු වූ ආයුධ තොගය අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර් ය බළකා නිළධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,861 Viewers

One Comment to “ආර්.පී.ජී.උණ්ඩ ඇතුලු පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවෙයි..”

  1. LION says:

    උතුරේ සහා නැගෙනහිර දෙමළට හරවන ලද සිංහල පැරණි නම් නැවත බාවිතා කල යුතුය මේ දෙමළ නම් නිසා තමයි බෙදුන්වාදීන් රට බෙදන්න කථා ක‍රන්නේ .

Main News