ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑලියෙන් ඔහුගේ පුත‍්‍රයා එයි..

May 28, 2020 at 8:40 am | lanka C news
ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑලියෙන් ඔහුගේ පුත‍්‍රයා එයි..

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වී තිබෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්‍ෂකත්වය සදහා ඔහුගේ පුත්‍රයාට අවස්ථාව ලබාදෙන ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් ඉල්ලීමක් කර ඇත.

එම පක්ෂය විසින් දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව බොහෝ දුරට අද හෝ හෙට දිනයේ දී තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා අත්සන් තබනු ඇත.

1,612 views