ආරුමුගම් තොණ්ඩමන් හදිසියේ අභාවප‍්‍රාප්ත වේ..

May 26, 2020 at 9:44 pm | lanka C news
ආරුමුගම් තොණ්ඩමන් හදිසියේ අභාවප‍්‍රාප්ත වේ..

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා භාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ නිවසේ සිදුව ඇති ඇද වැටීමකින් පසු තලංගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ඔහු මියගොස් ඇත.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බවද රෝහල කියයි.

රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ ඒ මහතා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා වයස අවුරුදු 55 ක් විය.

ලංකා කම්කරු කොංග‍්‍රසය මේ වන විට පවතින ආණ්ඩුවට සහාය දෙමින් සිටි.

 

391 views

42 Comments to “ආරුමුගම් තොණ්ඩමන් හදිසියේ අභාවප‍්‍රාප්ත වේ..”

  1. Rawana says:

    හෙරොයින් ගහන්නෝ හෙරොයින් වලින්ම නසිති

Main News