අගමැති රනිල් තිරුපති කෝවිලේ දෙවියන් යදී..

December 22, 2016 at 12:40 pm | lanka C news
අගමැති රනිල් තිරුපති කෝවිලේ දෙවියන් යදී..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ඔහුගේ බිරිද සමග අද පෙරවරුවේ ඉන්දීය තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ අගමැතිවරයා හා බිරිද තිරුපති වෙත පැමිණ ඇත්තේ විශේෂ හෙලිකොප්ටරයකිනි.

අගමැතිවරයා සමග මෙම පූජාව සදහා ඇමතිවරුන් වන ඞී.එම්. ස්වාමිනාදන් හා පලනි දිගම්බරන්ද එක්ව සිටි බවද වාර්තාවන්හි දැක්වෙයි.

27 views

15 Comments to “අගමැති රනිල් තිරුපති කෝවිලේ දෙවියන් යදී..”

  1. wedapan wedapan kohamath kela wenna lagainee

    • asaranaya says:

      පින්ගුත්තරයාණෙනි! පව් සමාකරගත්තානේ අවසානයක් දකිමුද,යන තැනකට ඉක්මනට යන්නත් එපායැ

  2. love nature says:

    බෞද්ධ අදහස් හින්දු ඉගැන්වීම්වලට සමාන වන තැන් තිබුණත්, එකම දහම නොවේ. බ්‍රාහ්මණ ඍෂිවරුන් භාවනාවෙන් ලද නුවණ නිසා කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ ලබා ගත් අපැහැදිලි අදහස් බුදුහාමුදුරුවන් විසින් පසුව ඉතා නිවැරැදිව ද, සම්පූර්ණව ද දේශනා කරන ලදී.

  3. ගමරාළ says:

    අපලේ තියෙනවැයි කියන්නේ වෙන කාටවත්… මෙයැයි බයවෙලා තියෙන්නේ…

    • Sihala Yaka - සිහල යකා says:

      ජනවාරි 26 සුභ ආරංචියක් දෙන්න දෙවියනි ! කියා යදින්න ද ගියේ. ?

      ඇතෙක් බරට රණින් පුදන්නම්
      ලංකා කෙල්ලො සියයක් පාවා දෙන්නම්
      ලස්සන කොල්ලො දාහක් ද දෙන්නම්
      අනේ ජනවාරි 26 එලිවෙනකොට මාව … …

      • SARADIEL says:

        දේශපාලකයෝ ඉන්දියාවේ තිරුපති වදින්න යන සෑම අවස්තාවක්ට පසු ලංකාවෙන් කොටසක් ඉන්දියාවට පුදයි .
        ..අහෝ මෙවැනි මිත්‍යා විශ්වාසයක්

    • JOY says:

      පුදුමයි බටලන්දේ වදකයාටත් මරණ බය දැනිලා ……එයාටත් සෙනසුරු අපලේ තියනවද ? සෙනසුරාට ජය වේවා

    • Amda says:

      මෙයා යදින්නේ අහවලා ඉක්මනට මැරිලා මෙයාට රජකම ලැබෙන්න කියලා

  4. love nature says:

    ලංකාවේ ඇතැම්හු ද බුදු දහම ඇසුරෙන් අපට වඩාත් සමීප හින්දු ලක්ෂණ පූට්ටු කර ආගමක් තනන්නට නිරර්ථක උත්සාහයක යෙදී සිටී. එපමණක් නොව මිෂනාරි ලක්ෂණයන් ද, ඉස්ලාමීය ලක්ෂණයන් ද එකතු කරන්නට උත්සහ කරමින් සිටී. අනෙක් උන්ට ආගමක් ඇති එකේ බහුතරයා පාලනය කර ගැනීම ට ආගමක් අවශ්‍ය යැයි සමාජයේ ඇතැම් පිරිස් සිතන්නට පිළිවෙන. ආගම යනු ජනයා පාලනය කිරීමට අනගි කෙවිටක් බවත්, බුදු දහම යොදා ගනිමින් එය කිසි කලෙක සිදු නොකළ හැකි බවත් ඔවුහු දනිත්. දෛවයේ සරදමකට මෙන් සිංහල-බෞද්ධ ලෙස හඳුන්වා ගන්නා මෙම කල්ලි වලට අභියෝගක් වී ඇත්තේ ද බුදු දහම ම වෙයි.

  5. love nature says:

    ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ බි.ආර්.අම්බෙක්කාර් ඩාලිත් කුලයට අයත් වුවෙකි. ඔහු හින්දු ආගම අතහැර බුදු දහම පිළිගත්තේ කුල වාදයෙන් නිදහස් වීමටය. එ් 1951 දීය. මා උපත ලැබුවා වුවද, හින්දු ආගමික යෙකු වශයෙන් මා මිය යන්නේ නැත යන ඔහු ගේ ප‍්‍රකට කියමන සිහිපත් කළ යුතුය.

  6. love nature says:

    1940 දි ආචාර්යණ අම්බෙක්කාර් මෙසේ ලිව්වේය. .. කාලය අනුව වෙනස් විය හැකි ලෝකයේ ඇති එකම දහම බුදුදහම පමණී. මේ ගුණය වෙන කිසිඳු ආගමක නැත. ඔබ පරිස්සමින් අධ්ය්නය කළොත් බුදුදහමේ හරය සොයා ගත හැකිය. එය හේතුඵලවාදයයි. එහි වෙනස්වීමේ උරුමය ඇත්තේ මේ මූලධර්මය මතයි. එය වෙනත් කිසිදු ආගමක නැත..

  7. love nature says:

    හරියටම මීට අවුරුදු 59 කට උඩදී එනම් 1956. ඔක්තෝම්බර් 14 වැනිදා නාග්පූර් හිදි ආචාර්ය අම්බෙක්කාර් හාරලක්ෂයක් දලිත් අනුගාමිකයන් සමඟ බුදුදහම වැළදගත්තේය. මෙදින ඉතිහාසයේ පුනරුච්චාරණය කෙතරම් බලවත්ද කිවොත් එදින අම්බෙක්කාර් ඇතුළුව ලක්ෂ සංඛ්යා ත අනුගාමිකයන් පංච ශීලයේ පිහිටවූයේ අනගාරික ධර්මපාලයන්ගේ ගෝල එවකට සාංචි විහාරාධිපතිව වැඩ සිටි තොටගමුවේ මැටිවෙල සංඝරතන නා හිමියන්ය.

    අම්බෙක්කාර් අනුව යමින් එතැන් පටන් ලක්ෂ ගණනින් ඉන්දීය චණ්ඩාලයෝ (දලිත්වරු) විටින් විට බුදුදහම වැළඳගත්හ. මෑතකදී භාරතිය ජනතා පක්ෂය මැදිහත් වීමෙන් ඉන්දියාව තුළ බලහත්කාරයෙන් ආගම මාරු කිරීම අපරාධයක් කරන තෙක්ම මේ ආගම වැළද ගැනීම සිදුවුණේය. ලොව පුරාම විසිරී සිටින මේ බෞද්ධයන් අදත් පොදුවේ හදුන්වන්නේ අම්බෙක්කාර් බෞද්ධයන් නමිනි. එසේත් නැතිනම් නවයානවරුන් හැටියටය.

    නවයාන බෞද්ධයෝ විසි වැදෑරුම් ශිලයක් සමාදන් වෙති. මුල් යුගයේ ලංකාවෙන් ඉන්දියාවට ධර්ම ප්රාචාරයට ගිය භික්ෂුන්ගේ සහයෙන් ස්වකීය භික්ෂු සමාජය පිහිටුවා ගත් නවයානිකයෝ දැන් තමන්ගේම බෞද්ධ සම්ප්රිදායක් නිර්මාණය කරගෙන සිටි.

  8. shimal says:

    bokkenma wandina hethuwa mama dannawa .harigiye katharaganma dewale wadapu dawase ranil malik chandeta kalin paya 2k hitagena hitiya dewale athule ..

  9. Champa says:

    Rata kewata mokoda, pana yanawata mora bayayi.

Main News