ආවා කල්ලියක්ම ආයුධත් සමග යාපනයේදී කොටු වෙයි… වෑන් රථයක් කඩුත් සමග 10ක් අත්අඩංගුවට…

December 18, 2018 at 5:30 pm | lanka C news
ආවා කල්ලියක්ම ආයුධත් සමග යාපනයේදී කොටු වෙයි… වෑන් රථයක් කඩුත් සමග 10ක් අත්අඩංගුවට…

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී ආවා කල්ලි ප්‍රභල සාමාජිකයින් බවට සැකකෙරෙන 10 දෙනෙකු ආයුධත් සමග ඊයේ (17) රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

යාපනය පොලීසිය හා චුන්නාකම් පොලිස් නිලධාරීන් පිරිසකගේ විශේෂ වැටලීම් කිහිපයකදී චුන්නාකම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සැගව සිටි ආවා සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආවා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් පාවිච්චිකරන ලද සුඛෝපභෝගී වෑන් රථයක්, යතුරුපැදි දෙකක්, කඩු 6ක්ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සියලු දෙනා චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අද (18) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

මේ දිනවල ආවා කල්ලි ක්‍රියාකාරකම් මැඩලීම වෙනුවෙන් යාපනය පොලීසිය විසින් විශේෂ කණ්ඩායම් යොදවා දිවා රාත්‍රි සෝදිසි කටයුතු සිදු කරන බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

4 Comments to “ආවා කල්ලියක්ම ආයුධත් සමග යාපනයේදී කොටු වෙයි… වෑන් රථයක් කඩුත් සමග 10ක් අත්අඩංගුවට…”

  1. Jaya says:

    Weldone! Chunnakam police. Dont release them or work according to the instructions of Ranil, Sambandan or Vigneshwaram

  2. LION says:

    ආවා කල්ලිය අවසන් කිරීමේ කාර්ය ගොටාබයට බාරදෙමු ජය සිකුරුයි

    • Gumal kanatathna says:

      Ehenam handikadal weerayaga call ekak denna kiyala bayagothagen illapan . Ikkmanatama nawaththala deyi

  3. Priyantha says:

    Me handikal weerayage golayange wadak . Mehi pitupasa sitina wun alla hire damiya yuthuyi

Main News