කපන්න එද්දි බයට ළිඳකට පනියි.. ගොඩට ගෙන කපන්න යද්දි පොලීසියට තිදෙනෙකු හසු වෙයි…

October 1, 2018 at 12:00 pm | lanka C news
කපන්න එද්දි බයට ළිඳකට පනියි.. ගොඩට ගෙන කපන්න යද්දි පොලීසියට තිදෙනෙකු හසු වෙයි…

යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පසු පස තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි ආවා යැයි සැක කෙරෙන කල්ලියක තිදෙනෙකු 30 අත්අඩංගුවට ගෙන ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු පිටුපස යතුරුපැදියකින් තියුණු ආයධ සහිතව තිදෙනෙකු ලුහු බැඳ ඇති අතර එහිදී දිව ගිය ව්‍යාපාරිකයාගේ පුතා දිවි ගලවා ගැනීමට කෝපායි ප්‍රදේශයේ පිහිටි ළිඳකට පැන ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ආවා කල්ලියේ පිරිස් විසින් ළිඳට පැන්න පුද්ගලයා ගොඩට ගෙන පහර දීමට සූදානම් වී ඇත.

ළඳට පැන්න පුද්ගලයා ගොඩට ගැනීමට සැරසෙන අවස්ථාවේදී ළිඳ තුල සිටි එම පුද්ගලයාගේ කෑ ගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුවීම දැක ඒ බව කෝපායි පොලීසියට දැනුම් දී ඇත අනතුරුව එම අවස්ථාවේදීම කෝපායි පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සැකකරුවන් තිදෙනෙකු හා ඔවුන් පැමිණි යතුරුපැදියද සමග තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ළිඳට පැන්න පුද්ගලයාද බේරා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෝපායි ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් ආවා කල්ලියේ බවට සැකක කෙරෙන අතරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48 views

3 Comments to “කපන්න එද්දි බයට ළිඳකට පනියි.. ගොඩට ගෙන කපන්න යද්දි පොලීසියට තිදෙනෙකු හසු වෙයි…”

  1. කණිය says:

    මේ අපේ තරුණ කොල්ලෝ ටිකක් තරුණකමට පොඩි රණ්ඩුවක් කරගෙන මිසක් ත්‍රස්තවාදය නෙවෙයි .මේක මේ කොල්ලෝ කොල්ලෝ අතර පුංචි රණ්ඩුවක් මේ පත්තර කාරයෝ ඕන නැති වැඩ කරනවා .

    මිට unp ඇමතිවරු ./මංගල සමරවීර .චන්ද්‍රිකා /මනෝ ගනේෂන් /අනුරපුරේ මෝඩයා /

  2. අඹර දමිළ says:

    මෙහෙ වගේ නෙමෙයි. එහෙදි ඕවා කරන්නෙ බලාගෙන, ඕ..න් සන්හිඳියාව එහෙමෙ බිඳ ගන්නවා නෙමෙයි.

  3. Rasika says:

    Thamilnadu jara Film balala munge mole kuruwalwela thiyenne. Ane ape ratata giya kalak

Main News