ආවා කල්ලියෙන් ධනුරොක් කල්ලයට ප්රභල ප්රහාරයක්.. දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරේ…
June 28, 2018 at 8:40 am | lanka C news
යාපනය මාණිප්පායි ප්රදේශයේදී අද (28) අළුයම නිවසකට කඩාවැදුනු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කල බවට මාණිප්පායි පොලීසිය කියා සිටියේය.
මාණිප්පායි පොලිස් වසමේ පිහිටි ධනු රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇම මත නිදහස්ව සිටි ඩිලක්ස් නැමත්තාගේ නිවසට අද අළුයම 5.30 ට පමණ යතුරු පැදි තුනකින් 09 දෙනෙකු පමණ පැමිණ තියුණු ආයුද වලින් පහරදීම සිදු කොට ඇති අතර එම පහරදීමේදී ඩිලක්ස් නැමත්තා බරපතල තුවාල ලැබූ අතරම ඩිල්ක්ස් නැමත්තාගේ වැඩිමල් සොහොයුරියද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට මාණිප්පායි පොලීසිය කියා සිටියේය.
කලක සිට ධුනු රොක් කල්ලය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවට සැකකරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර පහරදීම සිදු කළ පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කල බවටද මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ ක්රමයට මුන් අපේ රටින් නැතිවෙනවානම් ලොකු දෙයක් කල කල දේ පල පල දේ