ආවා කල්ලියේ දෙපිරිසක් ගැටෙයි… කපා රෝහලට…
April 27, 2018 at 5:30 pm | lanka C news
යාපනය කොකුවිල් ප්රදේශයේදී අවා කල්ලියේ දෙපිරිසක් අතර ඊයේ (26) සවස ඇති වූ ගැටුමකින් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
දේවරාසා හර්සන් නැමති 27 හැවිරිදි තරුණයා කොකුවිල් ප්රදේශයේ ඔහුට අයිති නිවසේ සිටින අවස්ථාවේදී තවත් ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු යුතුපැදිවලින් පැමිණ බහින් බස් වී ඇති අතර පසුව එය දුර දිග යාමෙන් යතුරු පැදියෙන් ආ පිරිස් විසින් දේවරාසා හර්සන්ට තියුණු ආයුධ වලින් පහර දී ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලින් හෙලි වී ඇත.
අදාල පහර දෙන අවස්ථාවේදී පහර දුන් 5 දෙනෙකුම මුහුණු ආවරනය කරගෙන සිටි අතරම එක් අයෙකු මුහුණ ආවරණය කරගෙන නොසිටි හෙයින් එම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ආවා ක්රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව සිට පසුව ඇප මත නිදහස්ව සිටින අශොක් නැමත්තෙක් වන අතරම තුවාල ලැබූ දේවරාසාද ආවා ක්රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකි.
තුවාල ලත් පුද්ගලයා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වන වාට්ටුවේ ප්රතිකාර ලබන අතර හඳුනාගත් පුද්ගලයා හරහා සෙසු පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යුද හමුදාව නැවත උතුරේ ස්ථාන ගත කල යුතුය උතුරේ රජයේ ඉඩම්වල සිංහලයන් පමනක් පදිංචි කල යුතුය