ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර වෙයි…

November 29, 2018 at 8:40 am | lanka C news
ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර වෙයි…

ආවා කල්ලයේ නායකයෙකු මෙන්ම ආවා ක්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා  (28) යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියේය.

පසුගිය කාල වකවානුවේ රටේම කතාබහට ලක් වූවේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ පුද්ගලයින්ට තියුණු  ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාස රැසකට ආවා කල්ලි සාමාජිකයින් පැන දැඩි ලෙස දේපල හානි සිදු කිරීම හේතුවෙන් යාපනය නගරයම මෙන්ම උතුරු පලාතම නොසන්සුන් විය.

මෙම නොසන්සුන් වීමට ප්‍රධානතම හේතුව වූවේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අතර ආවා කල්ලියේ මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා විවිධ ස්ථාන වල සැගව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ වන අතර (28) දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.

උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.

කෙසේ වෙතත් ආවා නමින් හැඳින්වෙන් විනෝදන් නැමත්තා තවමත් නිදැල්ලේ සිටින අතරම ඔහුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views

5 Comments to “ආවා කල්ලියේ නායක අශෝක් කුමාර් යටත් වී බාර වෙයි…”

  1. pimpi says:

    ඒකට තමයි කියන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ වෙනස කියලා.රටට ඕනි මේ වෙනසයි.

  2. click says:

    They may have some link with southern politicians.

  3. Dp says:

    සමනල් රෑන අයින් වෙලා ගිරුවාපත්තුවේ සිංහයා පෙරට එනකොට වෙනස මේකයි .

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Jaffna Wala Jana jeevitaya adaala karapu aava kalliya athi kale Mahinda rajapakse ge anudenumen. Den Mahinda rajapakse agamethi nisa baya nethiwa usaviyata baara wunaa. Aava kalliye naayakaya. Eelanga Nadu dinedi Mahinda rajapakse ge anugrahayen aava naayakaya nidahas well gedara yanawa.

  5. Siril says:

    Dan Terenawa neda Aava kalliya kawda mehawuwe kiyala

Main News