ආවා කල්ලියේ ප්‍රභලයින් කඩුත් සමග අත්අඩංගුවට…

September 27, 2021 at 2:02 am | lanka C news
ආවා කල්ලියේ ප්‍රභලයින් කඩුත් සමග අත්අඩංගුවට…

යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තියුණු කඩු තුනක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස් සැප්තම්බර් මස 01 වනදා යාපනය මරදනාමඩම් ප්‍රදේශයෙ පළතුරු වෙළෙන්ඳෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රධාන සැකකරුවන් බවටද අනාවරනය වී ඇත.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ පුද්ගල පහරදීම්, බියවැද්දීම්, තුවාල සිදුකිරීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට සම්න්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ ජෙනී සහ දේවා යන අයද අත්අඩංගුවට ගත් අය අතර සිටින බවට පොලීසිය පවසයි.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් පිරිසෙන් සිව් දෙනෙකු ආවා කල්ලි සාමාජිකයින් බවටත් එම සාමාජිකයින්ට තියුණු කඩු නිහ්පාදනය කොට ලබාදෙන අයෙකුද එම සිව්දෙනා සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් යාපනය චුන්නාම්, මල්ලාකම්, මාණිප්පායි සහ කෝපායි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 ත් 28 ත් වයස්හි පසුවන අතර ඔවුන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා චුන්නාකම් පොලීසියට භාරදීමට පියවර ගෙන ඇතැයිද යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,242 views