ආවා කල්ලියේ ප්‍රභලයින් දෙදෙනෙකු ඇතුලු 27 දෙනෙකු අත්අඩංගුවට….

July 22, 2019 at 5:30 pm | lanka C news
ආවා කල්ලියේ ප්‍රභලයින් දෙදෙනෙකු ඇතුලු 27 දෙනෙකු අත්අඩංගුවට….

යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රභලයින් දෙදෙනෙකු ඇතුලු 27 දෙනෙකු පසුගිය කාලයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

මේ අතර 20 වනදා රාත්‍රියේ මාණිප්පායි ඉනුවිල් ප්‍රදේශයේදී සෝදිසි මුරකාවල් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමට පැමිණ පලා ගිය ආවා කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුද මේ වන විට හඳුනාගෙන ඇති බවටත් ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර අදාල ගැටුමේදී ආවා කල්ලි සාමාජිකයෙකු මිය ගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලැබීය.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී යාපනය පොලිස් ස්ථාන මගින් සිදු කරන ලද විශේෂ සෝදිසි වලදී ස්ථාන කිහිපයකින්ම ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙතට ඉදිරිපත් කොට ඇම මත එම පිරිස් සිටින බවටත් එම පිරිස් හා යාපනයේ ක්‍රියාත්මක තවත් කුඩා කල්ලි සමග පවතින ගැටුම් හේතුවෙන් වරින් වර ප්‍රචණ්ඩක්ක්‍රියා සිදු වීමට හේතු වී ඇති බවටද එම පිරිස්ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,723 Viewers

One Comment to “ආවා කල්ලියේ ප්‍රභලයින් දෙදෙනෙකු ඇතුලු 27 දෙනෙකු අත්අඩංගුවට….”

  1. sinha le says:

    අපේ සංගාය වහන්සේලා වසර 9 කට බරපතල වැඩ ඇතුව යවන්න පුලුවන් නම් ඇයි මුන්ට බැරි?

Main News