ආවා කල්ලියේ මුත්තු ඇතුලු 04 ක් සුඛෝපභොගී රථයකින් යද්දි අල්ලයි…

September 21, 2021 at 5:30 pm | lanka C news
ආවා කල්ලියේ මුත්තු ඇතුලු 04 ක් සුඛෝපභොගී රථයකින් යද්දි අල්ලයි…

ආවා කල්ලියේ ප්‍රභල නායකයෙකු ලෙසින් හැඳින්වෙන මුත්තු නැමත්තා සමග තවත් තිදෙනෙකු සුඛෝපභෝගී කාර් රථයකින් යාපනය නල්ලූර් ප්‍රදේශයේ ගමන්ගනිද්දී සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය ඇතුලු උතුරු පලාත තුල මෙන්ම වෙනත් පලාත්හි ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වන බවටත් ආවා කල්ලිය මෙහෙයවීම මෙන්ම පුද්ගල පහරදීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට සොයමින් සිටි ප්‍රධාන සැකකරුවෙකු ලෙසින් පොලීසිය මුත්තු නැමත්තා සොයමින් සිට ඇත.

කෙසේ වෙතත් මුත්තු නැමත්තා ඇතුලු සිව් දෙනෙකු නල්ලූර් මාර්ගයකදී කාර්රථයකින් ගමන්කරමින් සිටින අතරතුර යාපනය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්තාවේදීද කාර්ථතය තුල තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 2.94 ක් සහ තියුණු කඩුවක්දපොලීසිය විසින් සොයාගනු ලැබීය.

එමෙන්ම ඊයේ (20) දින යාපනය ඉනුවිල් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු කපා බරපතල තුවාල සිදුකිරීම ඇතලු පසුගිය දින කිහිපය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ පුද්ගල පහරදීම්, නිවාස අලාභහානි සහ දේපල හානි කිරීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසක් මුත්තු නැමත්තාගේ මෙහෙයවීමෙන් සිදුකොට ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ අත්ර අත්අඩංගුවට ගත් මුත්තු නැමත්තා ඇතුලු පිරිස් යාපනය අධිකරණයට ඉදිරිපත් කොට සතියක කාලයක් පොලිස් භාරයේ තබා ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අවසරය ලබාගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,236 views

2 Comments to “ආවා කල්ලියේ මුත්තු ඇතුලු 04 ක් සුඛෝපභොගී රථයකින් යද්දි අල්ලයි…”

  1. John the baptice says:

    පිරපාකරන් මුලදී කලෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් ම තමයි මුන්ව මුලින්ම අතුගා දැමිය යුතුය.

  2. නාරද says:

    මත්ද්‍රව්‍ය කාරයෝ ටික නැති කරලාම දාන්න ඔන, නැත්නම් උතුරෙ තියන ‌හොද ගති නැති වෙයි. ළමයි අනාථ වෙයි

Main News