ආවා කල්ලියේ 4ක් ආයුධ සමග අත්අඩංගුවට…
December 11, 2017 at 5:30 pm | lanka C news
ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව යාපනය,තෙලිප්පලෙයි පොලීසිය පැවසුවේය.
පොලීසිය පැවසූවේ යාපනය මනිප්පායි ප්‍රදේශයේ හා තෙලිප්පලෙයි ප්‍රදේශයේ පුද්ගලයින් වෙත මරණ තර්ජන එල්ල කළ කල්ලියක් පිළිබද ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සතුව තිබී කඩු 04 ක්, යතුරුපැදි 04 ක්, ඇතුළු ආයුධ තොගයක් අත්අඩංගුවට ගත් බවද සොරකම් කිරීම් හා පුද්ගල බිය වැද්දීම් වෙනුවෙන් අවශ්‍යව සිටි ප්‍රභල පුද්ගලයින් වන බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
පොලීසිය පැවසූවේ යාපනය මානිප්පායි හා තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 22 හා 17ක් වන තරුණයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධීන්ට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සැකකරුවන් හඳුනාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පරික්ෂණ සිදු කරන තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
HA…HA. hitange. Podi un…Selam. KaranWa. Sanhidiyava…..Sanhidiyawa