චූටි කොලු රැලක් කියූ ආවා කල්ලිය අල්ලන්න යාපනේ මහ මෙහෙයුම්..

October 7, 2018 at 12:40 pm | lanka C news
චූටි කොලු රැලක් කියූ ආවා කල්ලිය අල්ලන්න යාපනේ මහ මෙහෙයුම්..

යාපනය පොලිස් වසමේ හා කෝපායි පොලිස් වසමේදී පසුගිය 05 වනදා රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීම් විලින් නිවාස දෙකකට හා දේපල රැසකට හානි සිදුවීමත් සමග එම කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

යාපනය පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී රත්නසිංහම් ප්‍රභාකරන් නැමත්තාගේ නිවසට පළමුව 05 වනදා රාත්‍රී 9 ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී යතුරුපැදි 4 කින් 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ නිවසේ බඩුබාහිරාධිය ඇතුලු යතුරුපැදි දෙකකට පහර දී දැඩි අලාභහානි සිදු කොට පලාගොස් ඇති අතර කිසිදු පුද්ගල හානියක් සිදු කොට නොමැත.

අනතරුව කෝපායි පොලිස් වසමේදී සුඩනෙයි මාර්ගයේ පිහිටි පුලේන්ද්‍රන් ශෂිකුමාර් නැමත්තාගේ නවසට යතුරුපැදි දෙකකින් සිව් දෙනෙකු පැමිණ මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර එහිදී  නිවසේ තිබූ සුඛෝපභෝගී වෑන් රථයකට , යතුරුපැදියකට සහ ත්‍රී රෝද රථයකට අලාභහානි කොට පලා ගොස් ඇත්තේද කිසිවෙකුටත් පහරදීමකින් තොරව බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

මෙසේ පහරදීම සිදු කොට ඇත්තේ ආවා කල්ලියෙම් පිරිසක් දෙකට බෙදී සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ඇති අතරම අදාල කණ්ඩායම් එක්රැස් වන ස්ථාන හා ක්‍රියාකාරකම් සිදු කරන මාර්ගයන්හීද විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මේ අතර පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යාපනය ආරක්ෂක මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ ආවා කල්ලි මැඩලීමට තමන්ට බලතල ලැබෙන්නේ නම් දින දෙකක් ඇතුලත ආවා කල්ලි ඇතුලු සියලු සිදුවීම නවතා දමන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views
Main News