ආවා කල්ලිය තෛපොන්ගල් දා යාපනේදී දෙදෙනෙකු කපා දමයි…

January 16, 2019 at 8:40 am | lanka C news
ආවා කල්ලිය තෛපොන්ගල් දා යාපනේදී දෙදෙනෙකු කපා දමයි…

යාපනය කොකුවිල් මන්සන්ධියේදී (15) දහවල් ආවා කල්ලි සාමාජිකයින් පිරිසකගේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොකුවිල් මන්සන්ධියේ නාච්චිමාර් කෝවිල අසලදී තරුණයින් පිරිසක් තෛපොන්ගල් දිනය වෙනුවෙන් කෝවිලට පැමිණි අවස්ථාවේදී යතුරුපැදි 5කින් දසදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ කෝවිල ඉදිරිපිට සිටි පිරිස් වෙතට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

අදාල පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ කොකුවිල්හි පදිංචි පරමසිවම් නික්ෂණ් හා උදයශංකර් නෝවා නැමති තරුණයින් වන අතර ඔවුන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය කියා සිටියේය.

අදාල පහරදීම ආවා කල්ලියේ බවට සැක පල කරන අතර පහරදීම සිදු කල පිරිස් මෙතෙක් හඳුනාගෙන නොමැති අතරම යාපනය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,539 Viewers

4 Comments to “ආවා කල්ලිය තෛපොන්ගල් දා යාපනේදී දෙදෙනෙකු කපා දමයි…”

  1. Roshan says:

    Awaa kiyanne sinhalen aawaa…..putupsa API dannawane kawda inne kiyala…wimaluth dannawa…..hik….hik….news ne

  2. maha says:

    podi kollo
    selam karanava
    baba hukun
    thava thava…..

  3. david milibanda says:

    Yes. Low Caste persons can not visit a Temple when higher caste people are there.

    That is the reason AVA Group people chopped (02) persons on Thai Pongal day.
    This is the North.

Main News