ආවා කල්ලිය මිනී මරා නෑ.. ඔවුන් දරුවන්..- නලින් බණ්ඩාර
July 18, 2018 at 3:50 pm | lanka C news
උතුරේ ක්‍රියාත්මක වූ ආවා කල්ලිය විසින් කිසිදු මිනීමැරුමක් කර නැතැයි රාජ්‍ය පරිපාලනය, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආවා කල්ලිය යනු දකුණු ඉන්දියානු චිත්‍රපට බලා උන්මාදයට පත් අවුරුදු 17 සහ 18 වයස් කාණ්ඩ නියෝජනය කරන ලාබාල පිරිසක් බව කී නියෝජ්‍ය ඇමැතිවරයා ආවා කල්ලිය යනු දකුණේ මවන බිල්ලෙක් බවද කීවේය.
පොලිස් අත්අඩංගුවට පත් මේ දරුවන් පොලීසියේදී හඩා වැටුණු බවත්, ඔවුන් පුනරුත්ථාපනය කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියානු චිත්‍රපට බලා කඩු සාදා ගෙන ඒ අනුව කටයුතු කිරීම නිසා තවත් කණ්ඩායමක් තුවාල ලබා තිබෙනවා. විනා මේ අය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවද ඔහු සඳහන් කළේය.
ආවා කල්ලියට වඩා ත්‍රස්තවාදී ක්‍රියා කරන අය දකුණේ සිටින බව නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.
ඒකාබද්ධ විපක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයාශාන්ත ගුණසේකර මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය. “ ආවා කල්ලිය කළ අපරාධ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ හැකි දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
එහිදී තවදුරටත් ප්රශ්නය මතුකළ මන්ත්‍රීවරයා පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබා ගෙන සිටින ඇමැතිවරයා කව්දැයි විමසා සිටියේය.
යහපාලන රජයේ කව්රුවත් පාතාලයට කිරි පොවන්නේ නැහැ. ඉකුත් රජය සමයේ පාතාලයට කිරි පෙව්වේ කව්ද .. පාතාලය හැදුවේ කව්ද කියලාත් හෙළිදරව් කරනවා…. පාතාලයෝ ගුවන් තොටුපළට ඇරලුවේ කව්ද කියලාත් අපි හෙළිදරව් කරනවා” යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා එහිදී කීය.
– lakbima
මූ පරයින්ගෙ පරයකේ කියන එක තව දුරටත් ඔප්පු කොරන්න අවශ්‍ය නැහැ. අහෝ සේනානායකලගෙ යූඒන්පි යට අද වෙලා තියන දෙයක්.
Snak childrens. please feed milk to them.
කොටිකල්ලියේ සහා ආවා කල්ලියේ කිසිම වෙනසක් නැත කොටි කියන කැල්ල අරන්දාලා ආවා කියලා දාගෙන පිරපාකරන් සිටිය කාලෙ මේ වගේ කණ්ඩායම් තමා වහලවලින් පැන දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා කපා කොටා මරා දැමුවේ මේ වසලයා මේවා දන්නේ නැතුවද කතා කරන්නේ.
උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්විස් සන්නා බව හෙලිවේ
අපේ ‘මුදල් පෙට්ටි වලට ප්රෑන්ක් 50 සිට 200 දක්වා ලැබෙනවා
ස්විස් නව කොටි නායක රගුපති හෙලිකරයි
Me Nalin kuyana eka patta horek ehala kothmale project ekedi Saha Norochchole project ekedi construction Karala ambsnakata horakan Karala casino gahapu patta pal horek
take them to your home and ukkung powala Surathal karapan.