‘ආවා’ කල්ලිය යලිත් යකා නටයි.. ස්ථාන දෙකකට ප්‍රහාර.. දේපලත් හානි කර පලා යයි..

October 6, 2018 at 12:40 pm | lanka C news
‘ආවා’ කල්ලිය යලිත් යකා නටයි.. ස්ථාන දෙකකට ප්‍රහාර.. දේපලත් හානි කර පලා යයි..

යාපනය පොලිස් වසමේ හා කෝපායි පොලිස් වසමේදී ඊයේ (05) රාත්‍රී ආවා කල්ලියේ පහරදීමකින් නිවාස දෙකකට හා දේපල රැසකට හානි සිදුව ඇති බවට එම පොලිස් ස්ථාන කියා සිටියේය.

යාපනය පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී රත්නසිංහම් ප්‍රභාකරන් නැමත්තාගේ නිවසට පළමුව ඊයේ රාත්‍රී 9 ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී යතුරුපැදි 4 කින් 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ නිවසේ බඩුබාහිරාධිය ඇතුලු යතුරුපැදි දෙකකට පහර දී දැඩි අලාභහානි සිදු කොට පලාගොස් ඇත්තේ පුද්ගල පහර දීමකින් තොරව බවට යාපනය පොලීසිය කියා සිටියේය..

අනතරුව කෝපායි පොලිස් වසමේදී සුඩනෙයි මාර්ගයේ පිහිටි පුලේන්ද්‍රන් ශෂිකුමාර් නැමත්තාගේ නවසට යතුරුපැදි දෙකකින් සිව් දෙනෙකු පැමිණ මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර එහිදී  නිවසේ තිබූ සුඛෝපභෝගී වෑන් රථයකට , යතුරුපැදියකට සහ ත්‍රී රෝද රථයකට අලාභහානි කොට පලා ගොස් ඇත්තේද කිසිවෙකුටත් පහරදීමකින් තොර බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

මෙසේ පහරදීම සිදු කොට ඇත්තේ ආවා කල්ලියෙම් පිරිසක් දෙකට බෙදී සිදු කොට ඇති බවටත් පහරදීම් සිදු කල පිරිස් සොයා පරික්සණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

මේ අතර පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යාපනය ආරක්ෂක මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ ආවා කල්ලි මැඩලීමට තමන්ට බලතල ලැබෙන්නේ නම් දින දෙකක් ඇතුලත ආවා කල්ලි ඇතුලු සියලු සිදුවීම නවතා දමන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

93 views
Main News